ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 2,518 ක් – මරණ 34 ක්

ඊයේ (18) දිනයේ නැවත වරක් දෛනික කොරෝනා ආසාදිතයන් 2,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 2,518 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. ඊයේ දේශීයව ආසාදිතයන් 2,478 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි 40 දෙනෙක් පසුව කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා. මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 147,720 ක්. ඉන් 121,145 ක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,560 ක් වනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 34 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1015 ඉක්මවා ගියා.

Related posts

Leave a Comment