මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් – හොඳයි ගෝඨාභය හැප්පිලා බලමු – අනුර කිව්ව කතාව

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ තමන්ලා සමග මුහුණට මුහුණ හැපෙන්නට පැමිණ ඇති බව ජවිප නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එනම් විශේෂ ජනාධිපති කොමිසන් සභාව හමුවට ඔවුන් කැඳවීම නියමිත නිසාවෙන් බව ඔහු සදහන් කරයි. එම කෙමිසම දොරවල් වසාගෙන නොව මහජනතාව ඉදිරියේ රැස් කළද ඔවුන් එයට මුහුණ දීමට සූදානම් බව හෙතෙම පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) හයිඩ් පිටියේ පැවති ජන රැලියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර මහතා මෙසේද පැවසීය…

“ජනාධිපතිවරයාගේ, බාල මල්ලිගේ, අයියාගේ, අයියාගේ පුතාගේ, මස්සිනාලගේ, නාමල්ගේ මාමණ්ඩිගේ, රෝහිතගේ මාමාලාගේ ගණුදෙණු අපි බේර ගන්න ලෑස්තියි. අපි හැප්පිලා බලමු කොමිසමේදී..

අධිකරණයට ඉදිරිපත් වෙලා ඉන්න දූෂිතයන් නිදහස් කර ගන්න ජනාධිපතිවරයා ගොඩක් දේවල් කරනවා. හැබැයි මතක තියා ගන්න මේ මහජනතාවගේ දේපල හෙරකම් කරලා එක් රැස් කරලා අතලොස්සක් කුප්‍රකට ජාවාරම් කාරයෝ මහජන ධනය රැස් කර ගෙන ඉන්නවා. අපි ධන්නවා මීට අවුරුදු දහයකට පහළොවකට කළින් ඔවුන්ට තිබුණු වත්කම් ගැන… ඒ අතර ගාමිණි සෙනරත්, නාමල් රාජපක්ෂ, වජිර අබේගුණවර්ධන, රවි කරුණානයක, සාගල රත්නායක, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ මේ අතරින් ඉතා කුඩා නඩයක් අපේ මහා භාන්ඩාගාරයේ මුදල් කෝටි ප්‍රකෝටි ගනන් පොදි බැදගෙන ඉන්නවා.

මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් , දූශිතයන්ට රැකවරණය ලබා දීම සඳහා ගනු ලබන රැකවරණයට විරුද්ධව.. මේක පෞද්ගලිකව අපේ පක්ෂයේ හෝ මගේ අරගලයක් නොවෙයි. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව අරගලයක්. මේ රටේ ජනතාවගේ ධනය චෞර වළල්ක් ඒක රාශි කර ගෙන තීබීමට එරෙහි අරගලයක්. ඒ අරලයේ එහා පැතතේ ගෝඨාභය රාජපක්ෂ මෙහා පැත්තේ අපි.. හොඳයි ගෝඨාභය හැප්පිලා බලමු”. යුනවෙන් වැඩිදුරටතක් පැවසීය.

Related posts

Leave a Comment