දින 100න් කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවනවා

එක රෝගියෙක්ගෙන් දෙදෙනෙකුට කොවිඩ් බෝ වුවහොත් සෑම දින පහකට වරක් රෝගීන් ගණන දෙගුණයක් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා. මේ ආකාරයට දින 100ක් ගතවන විට මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කලේ. නමුත් එක අයෙකුගෙන් රෝගීන් දෙදෙනෙකුට වඩා ව්‍යාප්ත වුවහොත් දින 100කටත් කලින් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ නිසාවෙන් ජනතාවට දැඩිව ප්‍රවේසම් වන ලෙසයි වෛද්‍යවරයා දැනුවත් කළේ.

Related posts

Leave a Comment