මානුෂිය මෙහෙයුමේදී තුවාල ලැබූ රණවිරුවන්ට ලැබෙන සහනය!

මානුෂීය මෙහෙයුමේදී තුවාලලත් රණවිරුවන් රජයෙන් ලබාගෙන ඇති දේපළ ණය සඳහා ගෙවිය යුතු පොලිය ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (18 වැනිදා) පාර්ලිමේන්තුවේදී පවසනවා.

ඊයේට (18) යෙදී තිබූ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවැසුවේ අද රණවිරුවන් සුව විරුවන් බවට පත්ව රට කොරෝනා වසංගතයෙන් බොරා ගැනීමට සටන් වදින බවයි. රටට ජාතියට ද්‍රෝහී බලවේග එදා යුද්දෙදි එරෙහි වූ ආකාරයටම අදත් වසංගතයට එරෙහිව ත්‍රිවිධ හමුදාව යෙදවීම ගැන විරෝධය දක්වමින් සිටින බවද අගමැතිවරයා කීවේ.

මෙරට රණවිරුවන් ලොව දරුණු ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කර ලෝකෙට ආදර්ශයක් දුන් ආකාරයට ලොව දරුණුම වසංගතයට මුහුණ දී ලොවට ආදර්ශයක් ලබා දෙන බව මතක තබා ගන්නැයි ඉල්ලා සිටි අගමැතිවරයා ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි පිරිසක් බවට ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක සෙබළුන් අපි පත්කොට ඇතැයිද අද වැනි දිනක ඒ පිළිබඳ තමන් ආඩම්බර වන බවද කීවේය.

Related posts

Leave a Comment