ශානිගේ වෛද්‍ය වාර්තාවක් කැඳවන්න අභියාචනාධිකරණයෙන් නියෝග

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (1දා)නියෝග කළේය.

තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එස්.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර ඇත.

Related posts

Leave a Comment