ආසියානුවන්ගෙන් පැවතගෙන එන මේ දේවල් 13ට ඔබත් පුරුදුවන්න.

ලෝකය පුරා මිනිසුන් නොදැනුවත්වම ආසියාවෙන් පැමිණි විවිධ පුරුදු භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන්, වතුරට වැටුණු සෙල් ෆෝන් එක හාල් බෑග් එකට දැමීම සහ සපත්තු දෙක අලුත්ම ඒවා මෙන් දිස් වීමට තේ බෑග් භාවිතා කිරීම වගේ දේවල්. මෙම ලිපිය ආසියාතික අපූරු පුරුදු කිහිපයක් ගැන.

ලොව පුරා ජීවත් වන මිනිසුන්ට ප්‍රයෝජනවත් වන, ආසියාතික රටවල් භාවිතා කරන සරල සහ ඵලදායී ජීවන පුරුදු 13ක් මෙහි ලැයිස්තුගත කර තිබෙනවා. ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි කියවලම බලන්නකෝ.

01. චිප්ස් ආහාරයට ගන්නා විට දෑත් පිරිසිදුව තබාගැනීම සඳහා චොප්ස්ටික්ස් පාවිච්චි කිරීම.

දෑත් අපිරිසිදු කරවන හෝ පහසුවෙන් ඝන්ධය ඉවත් නොවන චිප්ස් හෝ වෙනත් කෑම වර්ගයක් ආහාරයට ගන්නා විට චොප්ස්ටික්ස් භාවිතා කිරීම වඩා සුදුසුයි.

02. පෙති කපන ලද ඇපල් දුඹුරු පාට නොවීමට ලෙමන් යුෂ හෝ ලුණු භාවිතා කිරීම.

මේ ක්‍රමය ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයා ඇපල් භාවිතා කර apple pies, පලතුරු සලාද, කෙටි කෑමක් වශයෙන් පෙති කපන ලද ඇපල් රැකියා ස්ථානයට රැගෙන යන කෙනෙකුට. පෙති කපන ලද ඇපල් මතට ලෙමන් එකක් මිරිකන්න, ලුණු ස්වල්පයක් ඉසින්න, මෙසේ කල විට ඒවායේ වර්ණය පිලිබන්දා වද විය යුතු නැහැ.

03. නානකාමරයේ වාෂ්ප මඟින් අයන් එකක් පාවිච්චි නොකර ඇඳුම්වල රැලි ඉවත් කරගත හැකියි.

ඔයාට උදෙන්ම ඇඳුම් අයන් කරගන්න තරම් ප්‍රමාණවත් වෙලාවක් නැත්නම් හෝ අයන් එකක් නැති හෝටලයක ඉන්නවා නම් මෙය වඩා ප්‍රයෝජනවත් වේවි. ස්නානය කරන විට ඔයාගේ ඇඳුම් නාන කාමරයේ එල්ලා තැබීමෙන් එහි වාෂ්ප මඟින් රැලි ඉවත් වෙනවා.

04. ශීතකරණයේ ඝන්ධය ඉවත් කිරීමට තේ කොළ භාවිතය 

ශීතකරණයෙන් වහනය වන අප්‍රසන්න ඝන්ධය බොහොම සාමාන්‍ය දෙයක්, විශේෂයෙන්ම කිම්චි වගේ ආහාර එහි ගබඩා කරලා තියෙනවනම්. මේ අවස්ථාවේදී, ආසියාතික බ්ලොගර්වරුන් උපදෙස් දෙන්නේ ඔයා පාවිච්චි කරන තේ කොළ විසි නොකර ඒවා වියළා ශීතකරණයට දමන ලෙසටයි. මෙමඟින් ශීතකරණයේ ඝන්ධය අවශෝෂණය වෙනවා.

05. මැලියම් වලට ආදේශකයක් ලෙස බත් 

හදිසියේම ඔයාගේ කඩදාසි අලවන මැලියම් එක ඉවර වුණොත්, එයට ආදේශකයක් ලෙස තම්බාගත් ඇලෙන සුළු බත් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත්, සම්ප්‍රදායික කඩදාසි නිර්මාණ සඳහා බොහෝ දුරට මෙම බත් මැලියම් පාවිච්චි වෙනවා. 

06. සහල් ධාන්‍ය කීපයක් උපයෝගී කරගෙන කුළුබඩුවල අමතර තෙතමනය ඉවත් කරගත හැකියි.

ලුණු, ගම්මිරිස් හෝ වෙනත් කුළුබඩුවක් ඉක්මනටම තෙත් වනවා නම්, ෂේකර් එකෙන් පිටතට ගත නොහැකි නම් එය තුලට ධාන්‍ය කීපයක් යොදන්න. එමඟින් අමතර තෙතමනය උරාගෙන කැටි වීම වළක්වනවා.

07. සුළු පිළිස්සුම් වේදනා සමනය කරගැනීමට සෝයා සෝස් 

මෙය දන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. නමුත් සෝයා සෝස් සුළු පිළිස්සුම් තුවාල වේදනා සහ රතු වීම සමනය කරනවා. උදාහරණයක් විදියට, උණු තෙල් බින්දු කිහිපයක් ඇඟට වැටීම. 

08. කපුරු තෙල් කියන්නේ ලෙඩ රෝග සඳහා භාවිතා වන විශ්වීය ප්‍රතිකර්මයක්.

පෙරදිග රටවල මිනිසුන් මෙම තෙල්  බොහෝ අගය  කරන්නේ ඇයි? සෙම්ප්‍රතිශ්‍යාව, අම්ලපිත්තය (මෙවැනි අවස්ථාවක තෙල් ස්වල්පයක් ගෙන ආමාශ ප්‍රදේශයේ ආලේප කර ටිකක් තදට අතුල්ලනවා), ඔලුව කැක්කුම, දත් කැක්කුම, මස්පිඬු වේදනාව, කෘමි දෂ්ට කිරීම් ඇතුළු ගොඩක් අවස්ථා සඳහා මෙය භාවිතා කල හැකියි.

09. බත් සම්පීඩනයෙන් කොන්දේ සහ බෙල්ලේ වේදනාව සමනය වෙනවා.

මෙම ක්‍රමය බොහෝ විට පෙරදිග රටවල මිනිසුන් භාවිතා කරන්නේ කොන්දේ සහ බෙල්ලේ වේදනාව සමනය කරගැනීමට හෝ දෑත් උණුසුම් කරගැනීමටයි. එය සකස් කරගමිට ඉතාම පහසුයි. පරණ මේස් එකකට සහල් පුරවා (අවශ්‍ය නම් අත්‍යවශ්‍ය තෙල් බින්දු කිහිපයක් එකතු කරන්න), එය ගැට ගැසීමෙන් හෝ මැසීමෙන් අනතුරුව තත්පර 40ක් මයික්‍රොවෙව් උඳුනට දමන්න.

10. අයිස් බෝතල් සහ විදුලි පංකාවක් භාවිතා කර වායුසමීකරණ යන්ත්‍රයක් නිපදව ගැනීම.

ආසියාතික රටවල සෑම නිවසකම වායුසමීකරණ යන්ත්‍ර නැහැ, මේ නිසා උණුසුම් කාලගුණයට මුහුණ දීමට ඔවුන් හදිසියේම සූදානම් වෙනවා. මේ සඳහා භාවිතා වන වඩාත්ම පොදු ක්‍රමයක් වන්නේ අයිස් යෙදූ හෝ සිසිල් ජලය පිරවූ බෝතල් විදුලි පංකාවකට සම්බන්ධ කිරීමයි. 

11. ඩෙනිම් කලිසමක් අඳින්නේ නැතිව ඔයාට ගැළපෙනවාද කියා බලාගන්නේ කොහොමද?

චීනය, වියට්නාමය ඇතුළු ආසියාතික රටවල අඳින්නේ නැතිව ඇඳුම් මිලදී ගත හැකි වෙළඳසැල් තිබෙනවා. මෙයට හේතුව ඒවායේ ඇඳුම් මාරු කරන කාමර නොමැති වීමයි. ඇත්තටම ඇඳුමක ප්‍රමාණය ඇඳුමේ සඳහන් කර තිබුණත්, නිෂ්පාදකයා අනුව ඇඳුම්වල ප්‍රමාණ වෙනස් වෙනවා. වාසනාවකට මෙන් අපිට එම කලිසම් අඳින්නේ නැතිව ගැලපෙනවද නැද්ද යන්න සොයාගත හැකි ක්‍රමයක් තියෙනවා. බොත්තම් සහිත කලිසම් ඉණ පටිය බෙල්ල වටේට ඔතන්න. එහි කෙළවර හමු වුණොත් එම කලිසම ඔයාට සෑහෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුගේ බෙල්ලේ වට ප්‍රමාණය ඉණ වට ප්‍රමාණයෙන් භාගයකට සමාන වනවා වගේම මැණික් කටුව බෙල්ලේ වට ප්‍රමාණයෙන් භාගයක් වන බව සැලකෙනවා..

12. ජනෙල් සේදීම සඳහා කඩදාසි වෙනුවට පත්තර.

මෙමඟින් ජනෙල් පිරිසිදු කිරීමට විශේෂ පිරිසිදු කිරීමේ කලදාසි මිලදී ගැනීමට වැය වන මුදල් ඉතිරි වෙනවා. මේ සඳහා පත්තර භාවිතා කල හැකියි. 

13. ඉතිරි කඩදාසි වලින් අපද්‍රව්‍ය බාස්කට්.

ඉතිරි වී ඇති පුවත්පත් මඟින් අපද්‍රව්‍ය දැමිය හැකි බාස්කට් සෑදීම.මේවා සකස් කරගත හැකි එක් ක්‍රමයක්: අනවශ්‍ය කඩදාසි භාවිතා කර අපද්‍රව්‍ය දැමිය හැකි කුඩා බාස්කට් සෑදීම. අන්තර්ජාලයේ වීඩියෝ මඟින් ඔයාට ඒවා සකස් කරගන්නා ආකාරය නැරඹිය හැකියි.

Related posts

Leave a Comment