සෑම කාන්තාවක්ම දැන සිටිය යුතු රහස් මේකප් ක්‍රම 7 ක්.

කාන්තාවන් ස්වභාවයෙන්ම ලස්සන වෙන්න හරිම ආස පිරිසක් නේ. ඉතින් කාන්තාවන් ලස්සන වෙන්න මොනවද කරන් නැත්තේ. ඔවුන් බොහෝ දේ කරනවා ඔවුන්ගේ පෙනුම වැඩි කර ගන්න. ඒ අතර ප්‍රධානතම තැනක් ගන්නවා මේකප් කියන දේ. කාන්තාවන් බොහෝ මේකප් ක්‍රම භාවිතා කරනවා. අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ මේකප් එක තවත් ලස්සන කරගන්න පුළුවන් මේකප් ක්‍රම 7ක් පිළිබදව. ඔබත් ලස්සන වෙන්න ගොඩාක් ආස ඒ වගේම ඔබේ පෙනුම ගැන බොහෝ ලෙස සිතන කෙනෙක් නම් මේ ක්‍රම ඔබට බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

01. පහළට හැරී ඇති ඇස් ඉහළට එසවීම. 

මෙම පෙනුම ලබාගන්න නම්, ඔයාගේ ඇහිබැමේ පිටත ලක්ෂ්‍යයේ සිට මුහුණේ කෙළවර වන තෙක් අදෘශ්‍යමාන රේඛාවක් අඳින්න. දැන් පහළ ඇහිබැම රේඛාවේ සිට ඉහලට දෙවන අදෘශ්‍යමාන රේඛාව අඳින්න. මෙම කල්පිත රේඛා දෙක හමුවන ස්ථානය ඔයාගේ අයි ලයිනර් එක යොමු විය යුතු දිශාව පෙන්නුම් කරනවා. ඇස ඇතුලත නොව ඇහිබැමි රේඛාව මධ්‍යයේ සිට පමණක් අයි ලයිනර් එක යොදන්න. 

උපක්‍රමය: අඳුරු බව ආවරණ කරගැනීමට ඇසේ පිටත කෙළවරට පහළින් ලා පාට අයි ෂැඩෝ එකක් යොදන්න.

02. පරිපූර්ණ ෆවුන්ඩේෂන් එකක් දාගන්න.

මුහුණේ තෙල් සහිත කොටස් ආවරණය කරගැනීමට ප්‍රයිමර් එකක් මුලින්ම භාවිතා කරන්න. T-zone එකට අවධානය යොමු කරමින් ස්පොන්ච් එකක් ආධාරයෙන් මුහුණට ෆවුන්ඩේෂන් ස්වල්පයක් බ්ලෙන්ඩ් කරගන්න. ෆවුන්ඩේෂන් එක මත බ්‍රෂ් එකක් භාවිතා කර ඕනෑම කැළැලක් හෝ රතු පාට පැල්ලමක් මත කන්සීලර් එක ආලේප කරන්න. සෙටින් පව්ඩර් සහ බ්‍රෂ් එකක් භාවිතා කර මෙම පරිපූර්ණ පෙනුම දවස පුරාම පවත්වා ගන්න.   

03. ඇස් වටා ඇති අඳුරු කව ආවරණය කරගන්න.

ප්‍රයිමර් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන ඇස් යට යන්තම් ආලේප කරගන්න. ෆවුන්ඩේෂන් වෙනුවට ෂේඩ් ලයිටර් එකක් ලෙස ක්‍රියා කරන කන්සිලර් එකකින් එම ප්‍රදේශය ඉස්මතු කර පෙන්වන්න. ඔයාගේ ඇඟිල්ලකින් කන්සිලර් එක ආලේප කර, ස්පොන්ච් එකකින් ඔයාගේ මුහුණ දෙසට බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු සිනිඳු බ්‍රෂ් එකකින් එම ප්‍රදේශයට පව්ඩර් ස්වල්පයක් දමා මෘදු ලෙස තද කරන්න. අවසාන වශයෙන් හයිලයිටර් පව්ඩර් ටිකක් අඳුරු කවවලට පහලින් තිබෙන කොපුල් ඇට මත ආලේප කරන්න.

04. තොල්වලට පිරිපුන් පෙනුමක් ලබාදීම.

ස්වභාවික තොල්වල පැහැයට ආසන්න වශයෙන් සමාන ලිප් ලයිනර් එකක් ගන්න. ඔයාගේ තොල්වල හැඩය දැක්වෙන පරිදි ඒ වටා අඳින්න. ඊට වඩා මදක් වැඩියෙන් පිටතට සිටින පරිදි මෙය ඇඳ ගැනීමෙන් තොල් මදක් විශාල කර පෙන්වන්න පුළුවන්. පැන්සල මදක් පැත්තකට ඇල කර, රේඛාව ඇතුලත බොඳ කර, බ්‍රෂ් එකක් භාවිතා කර පැන්සල් රේඛා තොල් සමඟ බ්ලෙන්ඩ් කරගන්න. ඊට වඩා ටිකක් තද පාටක ලිප් ලයිනර් එකකින් තොල්වල පිටත මායිම පමණක් ඇඳගෙන සමෝච්චකරණය කරගෙන පිරිපුන් පෙනුමක් ලබාගන්න. අවසාන වශයෙන් හයිලයිටර් එකෙන් Cupid’s bow(උඩු තොලේ මැද කොටස) එකේ සහ යටි තොලේ මැද ආලේප කරන්න. එය තොල්වලට හොඳින් බ්ලෙන්ඩ් කරගැනීමට බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න.

05. ඇස් ලොකුවට පෙනෙන පරිදි මේකප් කරගන්න.

අයි ෂැඩෝ එකේ ලා පැහැයක් ගෙන, ඇහිබමි යට, ඇස්වල ඇතුලත කෙලවර, ඇස්පිය මත ආලේප කරන්න. අඳුරු, උණුසුම් පැහැයක් ඇස්පියේ නැම්ම මත ආලේප කරන්න. මෙමඟින් ගැඹුරු පෙනුමක් සහ ඇස් විශාල වී පෙනෙනවා. ඇස්පියේ නැම්මට මදක් ඉහලින් සහ පහල ඇහිපිල්ලම් රේඛාවට මදක් පහලින් මධ්‍යම ශේඩ් එකක් ආලේප කරන්න. අවසාන වශයෙන් ලයිට් බේජ් පැහැති අයිලයිනර් එකකින්, පහල ඇස්පියෙහි වෝටර් ලයින් එක ඇඳගන්න. මස්කාරා ආලේප කරන විට, පිටත ඇස්පිල්ලම් කෙරෙහි අවධානය යොමු කර පිටතට මදක් ඇල කරන්න.

06. ඇස් පිල්ලම් වලට දිගු පෙනුමක් ලබා දෙන්න.

පිටත කෙලවර වලට අවධානය යොමු කරමින් ඉහල සහ පහල ඇස් පිල්ලම් මත වොටර්ලයින් එකට මදක් පහලින් ඩාර්ක් අයි ලයිනර් එකක් කරන්න. පළමුවන ස්ථරය වශයෙන්, මස්කාරා බ්‍රෂ් එක ඇහිපිල්ලම් වල මුලට රැගෙන ගොස්, ඉහලට බ්‍රෂ් කරන අතරතුර පැත්තෙන් පැත්තට ගෙන යන්න. දෙවන ස්ථරය වශයෙන්, සුපුරුදු පරිදි ඉහල ඇහිපිල්ලම් මත පමණක් උඩ අතට බ්‍රෂ් කරන්න. අවසාන ස්ථරය ලෙස ඇහිපිල්ලම් තුඩෙහි පමණක් ආලේප කරන්න. එක තැනකට ඒකරාශී වීම වලක්වා ගැනීමට, කුඩා පනාවක් ගෙන පිටතට සිටින සේ ඇහිපිල්ලම් අතරින් පීරන්න. 

07. best winged eyeliner technique එක භාවිතා කරන්න.

ඔයාගේ ලයිනර් එකේ පදනම සකස් කරගැනීමට අයි පෙන්සිල් එක පාවිච්චි කරන්න. ඇහිබැමි රේඛාව තරයේ අනුගමනය කරමින්, මුලින්ම සිහින්ව ආරම්භ කරන්න. ඉන්පසුව බ්ලෙන්ඩින් බ්‍රෂ් එකක් භාවිතා කර මෙම රේඛාව මත ගොස් මෘදු ලෙස බොඳ කරන්න. අයිලයිනර් එකේ වින්ග් එකට පැමිණි විට, කඩදාසි කැබැල්ලක් ඇසේ පිටත රේඛාවට අල්වාගෙන, එය මාර්ග නිර්දේශයක් ලෙස සලකා අයිලයිනර් එක ඇඳගන්න. දැන් ලයිනර් එක මත කළු පැහැති අයි ෂැඩෝ එකක් ආලේප කර, බ්‍රෂ් එකක් භාවිතා කර පිටතට බොඳ කරන්න.

Related posts

Leave a Comment