රූපාලාවන්‍ය නිශ්පාදන බාවිතයට පෙර ඔබ දැනගත යුතු කරුණු 13 ක්.

ඔබ බොහෝ දේ අසා ඇති මේ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය පිළිබදව. බොහෝ දෙනා විවිධ මත සදහන් කරනවා මේ පිළිබදව. සමට අහිතකර බව සිතමින් භාවිතයෙන් වැළකි සිටින බොහෝ නිෂ්පාදන අපි අතරම බොහෝ තිබෙනවා. මීට හේතුව තමා සමාජයේ තිබෙන මත. ඇත්තෙන්ම මේ මත සීයයට සීයයක්ම සත්‍ය වන්නේත් නෑ. ඇතැම් පුද්ගලයින් සමට අහිතකර කිසිම ප්‍රමිතියක් නැති දෑ භාවිතයට ගන්නවා. අද අපි ඔබ වෙත ගෙනාවේ මෙවැනි මත වල සත්‍ය අසත්‍ය තාව පිළිබදව විශේෂඥයින්ගේ මත කිහිපයක්. මෙය ඔබට බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

01. Foundation ගැල්වීමෙන් වැළකි සිටිය යුතු බව

සමහර පුද්ගලයින් ෆෞන්ඩේෂන් භාවිතා කිරීම සිදු කරන් නෑ. මීට හේතුව තමා ඔවුන් විශ්වාස කරනවා මෙය භාවිතා කිරීම තුළින් ඔබේ සම වියපත් වීම සිදු වෙනවා කියල. නමුත් අධ්‍යයන වලින් හෙළි වෙලා තිබෙන පරිදි නම් මේ ෆාෞන්ඩේෂන් භාවිතා කිරීම තුළින් සමේ තරුණ පෙනුම ආරක්ෂා වීම සිදු වෙනවා. අවට ඇති විෂ පිරුණු දුම්, කුණු දුහුවිලි, සුලං වලින් සමට හොඳ ආරක්ෂාවක් ලබා දීමටත් Foundation සහ powder වලින් හැකියාවක් තියෙනවා. සම වියපත් වීම පාලනය කිරීම සිදු වෙන්නේ මෙහි අන්තර්ගත වෙන ප්‍රති-ඔක්සිකාරක ගුණ, විටමින් E සහ C වැනි ගුණ සහ ගුණදායි තෙල් වර්ග නිසා. නමුත් ඔබ මෙයත් මතක තබා ගත යුතුයි ඒ තමා ඔබේ මුහුණ නින්දට පෙර හොදින් පිරිසිදු කර ගැනීම.

02. Night cream භාවිතයෙන් වැළකි සිටිය යුතු බව

 ඔබේ සම අළුත්වැඩියාවීමට ආරම්භ වන්නේ රාත්‍රී කාලයේදී වේ. මේ නිසා ඔබ අනිවාර්‍ය‍යෙන්ම රාත්‍රී නින්දට පෙර ඔබේ මුහුණ සෝදා ගත යුතු අතර ඔබේ මුහුණ පිරිසිදු කර ගත් පසු නයිට් ක්‍රීම් එක්ක භාවිතා කිරීමේ කිසිදු ගැටලුවක් නැත. මෙය හොදින් සම පෝෂනය කිරීම සිදු කරනවා. මීට හේතුව මින් සමේ සිදුරු ඇති නොවීම සහ වාතාශ්‍රය හොඳින් එහා මෙහා ගමන් කිරිමයි.

03. මධ්‍යසාර අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන නිසා සම වියළී යන බව සිතීම

මෙය ඇත්තෙන්ම සත්‍යකි. මධ්‍යසාර නිසා සම වියළීම සිදු වේ. නමුත් රූපලාවන්‍ය නිෂ්පාදන වලදී මෙය සත්‍ය නොවේ. මීට හේතුව ද්‍රාවයක්, තෙතමනකාරකයක්, ප්‍රති-ඔක්සිකාරකයක් සහ තෛලෝදකයක් ලෙස මේ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමයි. stearyl alchohol , propylene glycol, cetyl alcohol, tocopherol වැනි මධ්‍යසාර ද්‍රවයය තමා මේ රූපලාවන්‍ය නිෂ්පාදන සදහා ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ. මේ මධ්‍යසාර ඔබේ සමට බොහෝ ප්‍රයෝජන ලබා දේ.

stearyl alchohol – සම සුමුදු කරවමින් තෙතමනය ඇති කරයි

propylene glycol – තෙතමනය ඇතිකරයි

cetyl alcohol – තෙල් දියකරවයි

tocopherol – ප්‍රති-ඔක්සිකාරකයකි

එසේම මේවා ඔබට අනතුරු දායක නොවේ.

04. සෙලියුලයිට් දුරුවන්නේ පුද්ගලයා පානය කරන ජල ප්‍රමාණය මත බව සිතීම

බොහෝ දෙනා විශ්වාස කරන දෙයක් තමා වැඩියෙන් හෝ අඩුවෙන් ජලය පානය කිරීම තුළින් සෙලියුලයිට් හෙවත් සිරුරේ මේද කැටිවිම් දුරුවීම සිදු වෙන බව. නමුත් ඇත්තෙන්ම මෙය සත්‍යයක් නොවේ. සිරුරේ මේද කැටිවීම් හටගැනීමට බලපාන හේතුව වන්නේ තෙතමනය හිඟතාව හෝ අධික වීම නොවේ.  ජලය සීමීත වීම හෝ අධික වීම මෙවැනි පැහැදිලි වෙනස්කම් හටගැනීමට හේතුවක් නොවීමට හේතුව වන්නේ මේද සෛල වලින් 10% ක් ජලය පැවතීමයි. තෙල් අධික ආහාර අවම කිරීම, ව්‍යායාම කිරීම , නීරෝගි සමබල ආහාර ලබාගැනීම වැනි යහපත් සෞඛ්‍යය පුරුදු ගත කරමින් නීරෝගි ජීවන රටාවක් ගත කරන පුදගලයින්ට මෙය වළක්වා ගත හැකිය. නමුත් ඔබ මෙහි සම්පූර්ණ සුවයක නම් බලාපොරොත්තු වෙන්න එපා.

05. නිතර manicure සත්කාර ලබාගැනීම නිය පෙළට අහිතකර බව සිතීම

විටමින් පෝෂණ ගුණ ඇති විශේෂ base layer ඒක් නිය මත ආලේප කරගැනීම තුළින් නිය පෙළ තවත් ශක්තිමත් කරගැනීමට ඔබට හැකියාවක් පවතිනවා. මෙය භාවිතා කිරීමෙන් පසුව පමණක් නිය ආලේපන ගැල්වීම සිදු කරන්න.  ඔබේ නියමතුපිට සිදුවිය හැකි ක්ෂුද්‍ර හානි වලින් ආරක්ෂා වීමටත් මෙය ඔබට භාවිතා කරන්න පුළුවන්. ඔක්සිජන් ඌනතාවයන් නියපොතු වල හට ගැනීමට ඉඩ තිබෙනවා මීට හේතුව තමා නියපොතු වල අන්තර්ගත වෙන කෙරටීන්. රුධිර ප්‍රවාහය හරහා ඊට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය පෝෂක සපයා ගැනීමත් සිදු වෙන්නේ මේ හරහාය.

06. කෙස් කලඹේ දිදුලන ස්වභාවය සඳහා සීතල ජලයෙන් සේදිය යුතු බව

කෙස්කලඹ දිලිසෙන ස්වභාවයකට පත් කිරීමට සීතල ජලයට හැකියාවක් නැත. හිසේ නාළිකා තාවකාලිකව ප‍ටු වීමයි මෙහිදී සිදු වෙන්නේ. මෙහිදී හිසකෙස් වලට ගලා එන පෝෂනය අඩාල වනවා. ඔබට හොද කන්ඩිෂනර් එකක් භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා මේ වෙනුවට. ඔබ කල යුත්තේ  Shampoo කල පසු හිසකෙස් සෝදා conditioner ගල්වා මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර කොණ්ඩය සෝදා දැමීමයි.

07. එකම රූපලාවන්‍ය නිෂ්පාදන දිගු කලක් භාවිතා කිරීම අහිතකර බව

විවිධාකාර සාධක මත තමා සම, හිසකෙස් සහ නිය ස්වභාවයන් රඳාපවතින්නේ. මෙම සාධක වලින් කිහිපයක් තමා වයස, ආහාර පාන, හෝර්මෝන බලපෑම් සහ පාරිසරික සාධක. එකම නිෂ්පාදන බොහෝ කල් භාවිතා කලාට කිසිම ගැටලුවක් ඔබට ඇති වන්නේ නෑ. ඔබට ඉන් යහපත් ප්‍රතිඵල පවතිනවා නම් ඒවා භාවිතා කිරීමේ කිසිදු ගැටලුවක් නැත. නමුත් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබෙනවා නම් ඔබ එකම නිෂ්පාදනය භාවිතා කිරීම සිදු කරන්න එපා. එවිට ඔබ භාවිතා කල යුත්තේ අලුත් රූපලාවන්‍ය නිෂ්පාදනයක්.

08. UV ආලෝකය කෙස්කලඹට හානි නොකරන බව සිතීම

හිසකෙස් බොහෝ හානියට පත් වීම සහ කෙරටින් වල ප්‍රබල ලෙස අඩු වීමට බලපානවා UV ආලෝකය. හිසකෙස් වියළී යාම සහ පළුදුවීයාම සිදු වෙනවා  දිගු වෙලාවක් අහිතකර හිරු කිරණට නිරාවරණය වී සිටීමෙන්. hair spray, styling products සහ ජලයට ඔරොත්තු දෙන UV filtered hair conditioners භාවිතා කිරීමෙන් මෙම හානි වළක්වාගැනීමට පුළුවන්. හිරු කිරණින් ආරක්ෂා කරවන ගුණ හිසකෙස් වලට ලැබීම සිදු වෙන් නෑ සාමාන්‍ය ෂැම්පූ භාවිතා කිරීමෙන් මීට හේතුව තමා සාමාන්‍ය Shampoo හා conditioner භාවිතයෙන් පසු සෝදා හැරීම.

09. විශේෂ serum නිෂ්පාදන භාවිතයෙන් සමේ සිදුරු සවිමත් කරගැනිමට හැකි බව

පුද්ගලයෙකුගේ සමේ සිදුරු වල විශාලත්වය තීරණය වන්නේ ඔහුගේ/ඇයගේ ජාන මත බව සමහර විට ඔබ නොදන්නවා ඇති. මේ නිසා තමා සමේ සිදුරු සවිමත් කල හැකි (වැසිය) හැකි නිෂ්පාදන සෙවීම නිෂ්ඵල කාර්‍යයක් වෙන්නේ. කෙටි කාලීන ආවරණයක් හා පෙනුමක් පමණයි රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයෙන් සිදුවන්නේ . සමේ සිදුරු පිටතට පෙනෙන ස්වභාවය අඩු කර ගැනීමට පුළුවන් කෙරටින්, තෙල්, දහදිය වැනි දෑ වල බලපැම නිසා.  හොඳ concealer වර්ගයක් හා foundation එකක් භාවිතා කරමින් මෙය පිටතට පෙනීම වළක්වා ගන්න පුළුවන්.

10. ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන සියල්ලක්ම ආසාත්මිකතා ඇතිවීමේ අවදානමින් තොර බව සිතීම

ඔබ කුමන නිෂ්පාදනයක් භාවිතා කලත් ස්වල්පයක් අතේ ගල්වා ඔබ ඊට ආසාත්මිකතා දක්වන්නේ දැයි පරික්ෂා කර බැලීමට අමතක කරන්න එපා. එය ස්වභාවික් වූවත් ක්ෘතිම වුවත් ඔබ මෙය සිදු කල යුතුයි. ඒවායේ අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය ආසාත්මිකතා ඇතිකිරීමට හැකි වීම තමා මීට හේතුව වන්නේ.

11. එකම නිෂ්පාදන සන්නාමයක ඇති නිෂ්පාදන ධාරාවේ එන ඒවා පමණක් භාවිතා කිරීම

බොහෝ දෙනා තම සමට ගැල්වීමට එකම සන්නාම වල දේවල් භාවිතා කරනවා. නමුත් ඔබ මෙය සිදු කල යුතු නෑ. ඔබේ සමට ගැළපෙන ඕනෑම සන්නාමයක දෙයක් භාවිතා කිරීමට ඔබට හැකියාව පවතිනවා. මේ නිසා එකම සන්නාමයකට ඇලී නොසිට ඔබට ගැළපෙන දේ පමණක් ලබා ගැනීම සිදු කරන්න.

12. සමේ ‍රැළි සමනය කරවන ක්‍රීම් කල් තියා භාවිතා භාවිතා කිරීම

ඔබේ සමට සත්කාර කිරීම බොහෝ වැදගත් වෙනවා මීට හේතුව තමා සමට හොඳ තෙතමනයක් ලබාදීම, හානිකර හිරු කිරණින් ආරක්ෂා කිරීම සහ වෙනත් හානිකර පරිසරික බලපෑම් වලින් සම ආරක්ෂා කරගැනීම සදහා. සමේ අපහසුතා මතුවීමේ අවදානම මෙන්ම සමේ ආසාත්මිකතා හටගැනීමේ ඉඩකඩ වැඩි වීමට පුළුවන් සම ‍රැළි වැටීම් සමනය කරවන ක්‍රීම් වර්ග කලින්ම භාවිතයට ගැනීම තුළින්. සමේ කොලැජන් නිෂ්පාදනය වීම නතර වී යාමත් මේ නිසා සිදු වෙන්න පුළුවන්. මේ නිසා මෙවැනි නිෂ්පාදන කල් තියාම භාවිතා කිරීම නම් සිදු කරන්න එපා.

13. තද pony tail විලාසිතාවක් භාවිතා කිරීම

‌මෙම තත්ත්වය නිසා හිසරදයන්, මිග්‍රේන් තත්වයන් පමණක් නොව හිසකෙස් වැටීමත් සිදු වෙන්න පුළුවන්. කූප මූලයෙන්ම හිසකෙස් ඉවතට ගැලවී යාම මෙහිදී සිදු වෙනවා මීට හේතුව තමා දිගින් දිගටම හිසකෙස් ඇදී තද වී තිබීම.  තද කොණ්ඩා විලාසිතා භාවිතය කිරීම සුදුසු වන්නේ නෑ මෙම තත්ත්වයන් නිසා. ඉන් හිසකෙස් නැවත වර්ධනය වීමේ හැකියාවද අහිමිවී යාමට ඉඩ ඇති බවනම් අමතක කරන්න එපා.

Related posts

Leave a Comment