සෞදි අරාබියේ රඳවාගෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් පැමිණේ

සෞදි අරාබියේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායම අද (19) දින මෙරටට පැමිණ තිබේ.

එම කණ්ඩායම රැඳවියන් 103 දෙනෙකුගෙන් සමන්විත විය.

ඒ සමගම රියාද් සහ ජෙඩා හි කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන අවසන් කර තිබේ.

ඒ අනුව, පසුගිය මාසයේ සිට කාන්තාවන් 49 ක් සහ පිරිමින් 131 ක් ඇතුළු පුද්ගලයන් 180 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. 

2020 ජූලි මාසයේ සිට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 334 දෙනෙකු සෞදි අරාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

පිටුවහල් කිරීමේ කඳවුරේ රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ මෙම ක්‍රියාවලිය, සෞදි බලධාරීන්, රියාද්හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය අතර පැවති අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

Related posts

Leave a Comment