අත්‍යවශ්‍ය සේවා සැපයීම සම්බන්ධීකරණය සඳහා අමාත්‍ය කමිටුවක් !

සංචරණ සීමා බලපවත්වන කාලසීමාවේ අත්‍යවශ්‍ය සේවා සැපයීම සම්බන්ධීකරණය සඳහා අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය තීරණය කර තිබේ.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග, වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන සහ මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් එම අමාත්‍ය කමිටුවේ සාමාජිකයෝ වෙති.

ගම සමඟ පිළිසදර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 17 වැනිදා පැවති සාකච්ඡාවකදී මේ තීන්දුවට එළැඹ තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු නිලධාරීන්ද මේ කමිටුව නියෝජනය කරන බවත් ජනාධිපති කාර්ය සාධන බළකායේ සම ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පෙරේදා (18) ලිඛිතව දැනුම් දී ඇත.

Related posts

Leave a Comment