පාස්කු විමර්ශන වාර්තාව අධ්‍යනයට ආණ්ඩුවේ බුද්ධිමත්ම 6 දෙනෙක් නම් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා සයදෙනකුගෙන් යුත් කමිටුවක් ඊයේ (19 ) පත්කර තිබේ.

අදාළ වාර්තාවල ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක‍්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර ඇමැති චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධුරයට නම් කරනු ලැබ ඇති අතර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.


කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධුරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා පත්කර තිබේ.

මෙම කමිටු වාර්තාව 2021 මාර්තු 15 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් දී තිබේ.

Related posts

Leave a Comment