තිස් අවුරුදු යුද්ධයක් නිම කළ ආණ්ඩුව අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ – සරත් වීරසේකර

මහජන ආරක්‍ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මීට වසර 12කට පෙර තිස් අවුරුදු යුද්ධය නිමා කළ මේ ආණ්ඩුව, ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කඩිනමින් කටයුතු කරන බවත් ය. 2019 වසරේ ලෝකයේ එල්ල වූ දරුණුම ප්‍රහාරයන්ගෙන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය බවත් නඩු පැවරීමේ කටයුතු ඉතා සූක්ෂ්ම අයුරින් විමර්ශන කටයුතු කළ යුතු බැවින් මෙවැනි කටයුතු සඳහා කල් ගත වන බවද කියා සිටි ඇමැතිවරයා මේ වනවිටත් චුදිතයන් රැසකට මේ සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවත් කියා සිටියේය

මේ වන විටත් පොලිසිය විසින් පාස්කු ප්‍රහාරකයා සම්බන්ධ උද්ධෘත ගොනු 8ක් නීතිපතිවරයාට දුන් බවත් තමා පෞද්ගලිකවද නීතිපතිවරයා හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කළ බවත් කී ඇමැතිවරයා, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ වසරේදී ‌නීතිපතිවරයාට දුන් බවද කියා සිටියේය. එමෙන්ම 2021 මාර්තු මස 12 වැනිදා සිට අප්‍රේල් මස 24 දක්වා පොලිස් විමර්ශන නිලධාරීන් 54 දෙනකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ මේ සාක්ෂි සහ කරුණු ගැඹුරින් අධ්‍යයනය කළ බවත් අවශ්‍ය අනෙකුත් වාර්තා සහ අඩුපාඩු ආදිය සම්පූර්ණ කර නීතිපතිවරයාට දුන් පසු මේ සම්බන්ධව නඩු පැවරීම් කළ හැකි බවද කියා සිටි ඇමැතිවරයා පාස්කු ඉරු දින ප්‍රහාරයේ චුදිතයන් තිස් දෙනකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති අතර, අනෙකුත් චුදිතයන්ටද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

Related posts

Leave a Comment