කොරෝනා ප්‍රතිකාර ශක්තිමත් කරන්න ඔස්ට්‍රේලියාවෙන් කෝටි 95ක ශ්වසන උපකරණ

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 952ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ශ්වසන උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ. ඒ අනුව කොවිඩ්19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා ඉතා කඩිනමින් අවශ්‍ය වන ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද මේ සඳහා සහාය දී ඇත. මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරීම ඊයේ (19) පෙරවරුවේ සිදු කෙරුණු අතර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන්නේ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය (Ms.Emma Brigham) විසින් මේ උපකරණ සෞඛ්‍ය ඇමැතිවරිය වෙත කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී සංකේතාත්මකව පරිත්‍යාග කළ බවයි.

Related posts

Leave a Comment