කොරෝනා මරණ සගවනවා සංඛ්‍යාලේඛණ බොරු – GMOA

රසායනාගාරවල දී ආසාදිතයන් ලෙස හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන අතර විශාල වෙනසක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ආසාදිතයන් 5000 ක පමණ වෙනසක් එහි ඇතැයිද පවසන සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් පැහැදිලි කර නැතැයිද පැවසීය.

පම් මට්ටමේ සිදුවන කොරෝණා මරණවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් සංඛ්‍යාලේඛණ ලෙස ප්‍රසිද්දියට පත් වන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.

මේ හේතුවෙන් සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර බරපතළ ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

Leave a Comment