ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

වසර දෙකක කාලය සඳහා විධායක නිලධාරීන් පත්කර ගැනීම සඳහා වු නිලවරණය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව සභාපති, උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිලධාරීන් පත්කරගැනීමට නියමිතය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභපතිධුරය සඳහා වත්මන් සභාපති, ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්වනු ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, නිලවරණයෙන් පත්වන නිලධාරි මණ්ඩලය සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා පමණක් කටයුතු කිරීමට තමන් සුදානම් බවය.

Related posts

Leave a Comment