ඩි විලියස් නැවතත් ජාත්‍යන්තර ක්‍රිඩා පිටියට පැමිණීමට නොහැකි බව පවසයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමා ගත් තීරණය වෙනස් නොකිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු ඒබී.ඩි විලියස් තීරණය කර තිබේ.

එරට ක්‍රිකට් ආයතනය සමඟ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඔහු එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

2018 වසරේ මැයි මාසයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර 20යි 20 ලීග් තරග සඳහා ඔහු මේ දක්වා සහභාගී විය.

ඒ අනුව ඔහු යළිත් වතාවක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කැමැත්තෙන් පසුවූ අතර එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වනු ඇති බවටද ඉඟි පළකෙරුණි.

කෙසේ වෙතත් ඔහු එරට ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ඩි විලියස් ජාත්‍යන්තර පිටියට සමුදීමට ගත් තීරණය වෙනස් නොකිරීමට තීරණය කර ඇත.

Related posts

Leave a Comment