ලංකා හොස්පිටල්ස් “7C Wing” වාට්ටු සංකීර්ණය විවෘත කරයි (Photos)

ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කීර්තිමක් නමක් දිනා ඇති ලංකා හෝස්පිටල්ස් විජයග්‍රාහි පියවරක් ඉදිරියට තබමින් සිය දේශීය සහ විදේශීය රෝගීන්ට සහ සෞඛ්‍ය සංචාරකයන්ට අන්තර්ජාතික මට්ටමේ සෞඛ්‍ය සේවා අත්දැකීමක් දීමට රුපියල් මිලියන සියයකට ආසන්න මුදලක ආයෝජනයෙන් නිර්මාණය කළ 7C Wing වාට්ටු සංකීර්ණය පසුගියදා විවෘත කරන ලදි. අති නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණවලින්, ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍ය පහසුකම්වලින් මෙන්ම විශේෂයෙන් පුහුණු කරන ලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විතව 7C Wing සුඛෝපභෝගි වාට්ටු සංකීර්ණය නිර්මාණය කර ඇත. සියලු පහසුකම්වලින් පරිපූර්ණව ඉඩ කඩ වැඩි සිත් ගන්නා පරිසරයකින් සමන්විතව නිමවා ඇති මේ නවීන වාට්ටු සංකීර්ණය රෝගීන්ට මෙන්ම අමුත්තන්ටද උපරිම පෞද්ගලික නිදහසක් සහ සුව පහසුවක් නිරන්තරයෙන් සපයයි. තරු පහේ හෝටල් කාමරවල ඇති පහසුකම්වලට සමානෙ පහසුකම්වලින් සමන්විත නේවාසික කාමර සහිත 7C Wing වාට්ටු සංකීර්ණය රෝගීන්ට සහ සෞඛ්‍ය සංචාරකයන්ට සුව පහසු සෞඛ්‍ය සේවා මෙන්ම ප්‍රියජනක සුව වීමේ අත්දැකීමක් දෙන අතර, රෝග විනිශ්චය ඉක්මනින්ම කර ගත හැකි ලෙස ලංකා හොස්පිටල්ස් රසායනාගාරවලට ඉතා ආසන්නව ඉදි කර ඇත.

“සඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් සහ අති විශිෂ්ට ප්‍රමිතියෙන් යුත් අන්තර්ජාතික මට්ටමේ සෞඛ්‍ය අත්දැකීමක් රෝගීන්ට දීමට ලංකා හොස්පිටල්ස් සිය සියලු ශක්‍යතාවන් සහ විභවයන් භාවිතයෙන් මේ නව වාට්ටු සංකීර්ණය ස්ථාපනය කිරීමට තීරණය කළා. තරු පන්තියේ හෝටලයකින් පිරිනමන සුඛෝපභෝගි පහසුකම් සහ අත්දැකීම් ගත හැකි අයුරින් මේ නේවාසික වාට්ටු සංකීර්ණය නිර්මාණය කර තිබෙනවා. ඉහළ පෙළේ සායනික සත්කාර සඳහා කීර්ති නාමයක් දිනා ඇති අප රෝහල වෙත මේ සුඛෝපභෝගි පහසුකම් සහිත වාට්ටු සංකීර්ණය නිසා දේශීය සහ විදේශීය රෝගීන් සහ සෞඛ්‍ය සංචාරකයන් රැසක් ඉදිරියේදී පැමිණෙනු නියතයි. රෝගීන්ට තමන් සිටින්නේ රෝහලක යන අදහස අමතක කරවන ලෙස ආකර්ෂණීය අයුරින් නිර්මාණය කර ඇති සුවදායි පරිසරය ඉක්මනින් සුව වීමට ප්‍රමුඛ හේතුවක් වනු නොඅනුමානයි.” ලංකා හෝස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය.

Lanka Hospitals opens luxury wing | Daily News
Lanka Hospitals sets pace to new era in medical care with luxurious  world-class wing | Daily FT

Related posts

Leave a Comment