රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 18කට කොරෝනා

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බව විකිරණ විද්‍යා තාක්ෂණිවේදීන්ගේ සංමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසයි.

කොවිඩ් අවදානමට මුහුණදීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ධර්මකීර්ති ඈපා මහතා පවසයි.

මේ වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා එක රෝගියෙක්වත් මිය නොයන්න හදිසි සේවා ආවරණය කර ඇති අතර මේ පිළිබඳ ජනතාව බිය නොවිය යුතු බව මේ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහන් කරයි

දිවයින පුරා විකිරණ විද්‍යා තාක්ෂණිවේදීන් 18 දෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇත.

ජාතික රොහලේ පමණක් ආසාදිතයින් 14 දෙනෙක් හඳුනාගෙන ඇති බවත් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කරයි.

ඔවුන්ට වෙනම රෝහල් වාට්ටුවක් ලබා දෙන ලෙසත් එසේ නොමැති නම් නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන ලෙසත් ධර්මකීර්ති ඈපා මහතා ඉල්ලා සිටී.

Related posts

Leave a Comment