කොරෝනා සමාජගත වූ බවට තවමත් සාක්ෂි නැහැ – නමුත් රෝගීන් මිලියනයක් පමණ වාර්තා විය හැකියි !

කොරෝනා වෛරසය මෙරට තුල සමාජගත වීමක් ප්‍රකාශ කිරීමට තවමත් සාධක නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

සමාජගත වීම යන වචනය භාවිතා කිරීමට මෙතෙක් සාධක නැති බවත් සමාජයෙන් හමු වන්නේ මුලාශ‍්‍රයක් සොයා ගත නොහැකි සුළු ප්‍රතිශතයක් බවත් ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් පවතින තත්ත්වය මත රෝගීන් වර්ධනය වීම සහ දෙගුණ වීමේ වේගය මත දින 100 ක් වැනි කාලයක් තුළ මෙරට රෝගීන් මිලියනයක් දක්වා වාර්තා වීමේ හැකියාවක් ඇතැයිද ඔහු අනතුරු අගවයි.

Related posts

Leave a Comment