අසන්ත ද මෙල් ක්‍රිකට් කළමණාකාරීත්වයෙන් යයි?

එංගලන්තයට එරෙහි ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වයෙන් ඉවත්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කරන බව ඔහු කියාසිටියා

අසන්ත ද මෙල් මහතා 2019 වසරේ සිට මෙම තනතුරු දෙකම දරමින් සිටිනවා.

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරඟය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කාඩ් ක්‍රීඩාවේ නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා දැඩි කතාබහක් ද ඇති වුණා.

Related posts

Leave a Comment