ලොව පුරා කොරෝනා ආසාදිතයෝ සංඛ්‍යාව දෙකෝටිය පනී

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුළ ලොව වැඩිම දෛනික ආසාදිතයන් සහ මරණ ඉන්දියාවෙන් වාර්තා වන බවයි. ආසාදිතයන් තුන්ලක්ෂ දසදහස් අටසිය විසි තුනක් අලුතින් හඳුනාගැනීමත් සමඟ ලොව පුරා මුළු ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි හතළිස් ලක්ෂ අසූ තුන් දහස් හැට පහ දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමඟින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතළ රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති.

අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයන් ඉතා අනතුරුදායක ලෙස නොමඟ යවන සුලු තත්ත්වයට පත් කර තිබේ. උදාහරණයක් වශයෙන්, නිෂ්ඵල වූ ගෘහස්ථ ක්‍ර‍මවේද මගින් ඔක්සිජන් සංතෘප්ත මට්ටම ඉහළ නංවාගත හැකි බව එම තොරතුරුවලින් කියැවේ. ඉන්දියාවේ නව මරණ 4000ක් ගත වූ පැය විසි හතර තුළ වාර්තා වීමත් සමඟ එරට මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑදහස් තුන්සිය දහ නමයක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර පාකිස්තානයේ කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ප්‍රංසයේ කොරෝනා එන්නත්කරණයට ලක් කළ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන විස්සක ඉක්මවා ඇති බවත් එම සංඛ්‍යා එරට ජනගහණයෙන් සියයට තිහක් බවත් සඳහන් කරන විදෙස් මාධ්‍ය ආසාදිතයන් අඩු වීම සැලකිල්ලට ගනිමින් ප්‍රංස රජය තීරණය කර තිබේන්නේ ලබන මස 09 වැනිදා සිට එරට අවන්හල් සම්පූර්ණයෙන් විවෘත කිරීමටයි.

Related posts

Leave a Comment