දුම්රිය මගීන්ට දැනුම්දීමක්

හෙට (22) සිට මැයි 27වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට රට තුළ පවතින් කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවනු ලබන අතර, එය ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ.

පසුව නැවතත් මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00  සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මකය.

Related posts

Leave a Comment