සමාජ මාධ්‍ය ප්‍රචාර බොරු – යුද හමුදාපතිතුමාගෙන් නිවේදනයක්!

දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය. ලබන ජූනි 1 වැනිදා සිට දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය අසත්‍යයක් බව පැවසූ ඒ මහතා එම ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද කියා සිටියේය.

එහෙත් කොවිඩ් වයිරසය පැතිර යෑම වළක්වාලමින් කටයුතු කරන ලෙසද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Related posts

Leave a Comment