නිරෝධායන නීති උල්ලංඝනය කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පෙරේදා උද්ඝෝෂණයේ නිරත වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට ඊයේ (21) උපදෙස් දී තිබේ.

නිරෝධායන නීති අනුව එම උද්ඝෝෂණය පැවැත්වීමට නොහැකි බවට තලංගම පොලීසිය ඔවුන් දැනුවත් කර තිබියදී මෙම උද්ඝෝෂණය පැවැත්වීම සම්බන්ධයෙන් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් තලංගම පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය සිදු කැර තිබේ.

අධිකරණය විසින් දුන් නියෝග නොතකමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර පුද්ගල දුරස්ථභාවය හෝ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ජනතාවට අවහිර වන සේ එම මහජන නියෝජිතයන් කටයුතු කිරීම පිළිබඳ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනි නාලිකා සතු සංස්කරණය නොකළ දර්ශන ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට දැනුම් දී ඇත.

Related posts

Leave a Comment