ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබේ.

බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය හැඳින්වෙන අතර මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සැලකෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ජනරජ දිනයට හිමිවිය යුතු නිසි ගෞරවය මෙතෙක් මෙරට සමාජය තුළ දී හිමි නොවන බව හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.

Related posts

Leave a Comment