ගිනිගත් නෞකාවෙන් පරිසර හානියක් සිදුව ඇත්දැයි සොයාබැලේ

කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් පරිසර හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ.

එහි සභාපති නීතිඥ දර්ශනී දහදපුර මහත්මිය පැවසුවේ, ඒ සඳහා නිලධාරි කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත්කර හැරීමට පියවර ගන්නා බවය.

සිංගප්පූරුවේ ලියාපදිංචි “එක්ස්ප්‍රස් පර්ල්” නම් රසායනික ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව කොළඹ වරායට නාවික සැතැපුම් 10ක් පමණ දුරින් වු මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබියදී එහි හදිසි ගින්නක් හටගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය එක්ව ගින්න මේ වන විට පාලනය කර ඇති අතර  එහි ගබඩා කර ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බව වාර්තා වේ. 

Related posts

Leave a Comment