පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි අයෙක් දඹුල්ල නගරයෙන් හමුවෙයි

දඹුල්ල නගරයේ පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙකු අද (22) උදෑසන දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට පොහොර බෑගයක පුද්ගලයකු සිටින බවට දැක ඇති අයෙක් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව තරුණයාව නගරවාසීන් සහ පොලිසිය එක්ව රෝහලට ඇතුලත් කර ඇත.

එම තරුණයා මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක නැමැත්තෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වූ බව වාර්තාකරු සඳහන් කර තිබේ.

එම පුද්ගලයා කුමන කාරණයක් සඳහා දඹුල්ලට පැමිණියේ ද, සහ කුමක් හෝ කරදරයක පැටලී ඇද්ද යන්න සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තවමත් අනාවරණය වී නොමැත.

Related posts

Leave a Comment