අද සිට ක්‍රිකට් නිලවරණය උණුසුම් වේ

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වන අතර නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3 :30 න් අවසන් වනු ඇති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පෙරවරු 10.30ට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

වසර දෙකක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නව නිලධාරීන් පත්කර ගැනීම එහිදී සිදු වනවා. කි‍්‍රකට් නිලවරණයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති, උප සභාපති ධුර 02 ක්, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන ප‍්‍රධාන තනතුරු සදහා නිලධාරීන් තෝරාපත් කර ගැනීමට නියමිතව ඇත.

මෙවර ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදී කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් සහ පළාත් කී‍්‍රඩා සංගම් ඇතුලූ පාර්ශ්ව 144 ක් ඡුන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. සභාපති ධුරය සදහා වත්මන් සභාපති ෂම්මි සිල්වා සහ රණතුංග පාර්ශවයෙන් කි‍්‍රකට් ආයතනයේ උප සභාපතිවරයෙකු වූ කේ මතිවානන් ඉදිරිපත් වීමට නියමිත බව වාර්ථා වේ.

Related posts

Leave a Comment