නව නීතිපති වරයෙක් පත්කෙරේ – පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවෙයි

පාර්ලිමේන්තු සභාව අනුමැතියත් සමග වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස පත් කිරීම සිදුවිය. පාර්ලිමේන්තු සභාව එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේ මේ අනුමැතිය දී තිබේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයකටද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි විය. මෙයට අමතරව පාර්ලිමේන්තු සභාව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න මහතාගේ නමද හානි පූරණය සඳහා වන කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතාගේ නමද එහිදී යෝජනා කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ පාර්ලිමේන්තු සභා රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමැති ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුද සහභාගි වූහ.

Related posts

Leave a Comment