“වඳ කොත්තු මුදලාලිලා වඳ දොස්තරලා පාස්කු වාර්තාවේ නැ” – අනුර කුමාර දිසානයක

පාස්කු කොමිසම මඟින් ඉදිරිපත් කළ වාර්තාව එහි ප්‍රහාරකයින් සහ එහි පසු පස සිටි කණ්ඩායම් යටගැසීමට සහ එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම අතරින ලද කණ්ඩායම් පමණක් ඉස්මතු කරන වාර්තාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවල දැඩිව කතාබහ කළ වඳ කොත්තු වලට දැමූ පෙති සම්බන්ධයෙන් සහ එහි මුදලාලිලා පිළිබඳව හෝ වඳ ඇඳුම් කඩ සහ එහි වෙළෙන්දන් පිළිබඳව හෝ අම්මාවරුන් වඳ කරවන වඳ දොස්තරලා සම්බන්ධයෙන් කිසිඳු සටහනක් එම වාර්තාවේ නොමැති බව ද, සමාජ-දේශපාලන පසුබිමක් තුළ බලය අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය රාජපක්ෂ ගෝත්‍රිකයන් විසින් භාවිතා කළ ඇති බව ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ සිටියේය.

Related posts

Leave a Comment