ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක්ට සහ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්

බංග්ලාදේශ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හට සහ ඉසුරු උදාන හා නවක ක්‍රීජක ශිරාන් ප්‍රනාන්දු හට වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඔවුන් අද (23) උදෑසන යළි පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Related posts

Leave a Comment