රජය කොරෝනා ව්‍යාප්ත වීමේ වගකීම භාර ගත යුතුයි – ආර්. සම්බන්ධන්

කොරෝනා වසංගතය අලුත් රැල්ලක් බවට පත්වීම පිළිබඳ වගකීම රජය විසින් දැරිය යුතු බවත් මේ වන තුරු රජය රෝගය මර්දනය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සතුටට පත්නොවන බවත් එහි නායක ආර්.සම්පන්දන් මහතා සඳහන් කළේය. කොරෝනා රෝගය සම්බන්ධයෙන් දෙමළ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා රජයට පසුගිය කාලය පුරාම කොරෝනා වසංගතය මර්දනය කිරීමට වඩා දේශපාලන උවමනාවන් ඉටු කිරීමට අවශ්‍යව තිබූ බවද සඳහන් කළේය. වරාය නගර පනත සම්මත කර ගැනීමට තිබූ වුවමනාව කොරෝනා මර්දනය සම්බන්ධයෙන් රජයට නැති බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් මායිම් නොකොට රජය හිතුවක්කාර ගමනක් යාම නිසා රටේ රෝගී තත්ත්වය හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් සම්පන්දන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

Leave a Comment