යහපාලනයේ දේශපාලන පළි ගැනීමට ලක්වූ ඇමති මහින්දානන්ද නඩුවෙන් නිදොස් කොට නිදහස්

දේශපලන පළි ගැනීමවලට ලක්කරමින් ඉකුත් යහපාලන රජය විසින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් අද (25) ඒ මහතා නිදොස් කොට නිදහස් කරනු ලැබුවා .

පැවති යහපාලන රජයේ දේශපාලන බලපුළුවන්කාරකම් වලට අනුව අමාත්‍යවරයාට එරෙහිව සාවද්‍ය චෝදනා ගොනු කරමින් ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව ඒ මහතාට එල්ල වූ චෝදනාවයි .

ඒ අනුව මෙම නඩුව යහපාලන රජය පැවති කාල සීමාව පුරාවටම එනම් වසර 5කට අධික කාලයක් තිස්සේ අධිකරණය හමුවේ කැඳවමින් සාවද්‍ය චෝදනා එල්ල කරන්නට විය.

වත්මන් රජය පත්වී වසරක් පමණ ගතවීමෙනුත් පසුව අදාළ නඩුව පිළිබඳව කරුණු සලකා බැලූ අධිකරණය විසින් ඒ මහතා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු වී තිබූ කරුණු කාරණා සලකා බලමින් උත්තරීතර අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත .

Related posts

Leave a Comment