දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග

අද අලුයම සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ වනවිට විශාල වශයෙන් එළවළු තොග ලැබෙන බවට තොරතුරු වාර්තා වනවා. අද (24) දිනයේ ආර්ථක මධ්‍යස්ථාන විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට එළවළු රැගත් රථ ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන මාර්ගය දෙපස නවතා තිබෙන බව සඳහන් වේ. මේ අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ද සීඝ්‍රයෙන් අද දිනයේ ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

Related posts

Leave a Comment