කළු දිලීරය ආසාදිතයින් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ

කළු දිලීරය අසාදනය වූ පුද්ගලයෙකු අම්පාරෙන් වාර්තා වු බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිරී ගියා. කෙසේ වෙතත් එය අසත්‍ය ප්‍රචාරයක් බව අම්පාර දිස්ත්‍රික් රෝහලේ ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය උපුල් ප්‍රියදර්ශන ප්‍රකාශ කරනවා. මෙම සිදුවීමට අදාළ රෝගියා 39 හැවිරිදි පුද්ගලයකුවන අතර ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඒ අනුව ඔහුට සිදු කළ පරීක්ෂණවලින් ඔහුගේ මොළයට ඊස්ට් ගණයේ දිලීරයක් ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව විශේෂඥ වෛද්‍ය උපුල් ප්‍රියදර්ශන වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

Leave a Comment