ඉන්දියාවෙ වෛරසයට ‘ඉන්දියානු‘ නම භාවිතා කරන්න එපා – ඉන්දියානු රජය දැනුම් දෙයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය වසරේ ඉන්දියාවේදී ප්‍රථම වරට සොයාගත් කොරෝනා වයිරස් ප්‍රභේදය “ගෝලීය විකෘතිය ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර ඇත.


මූලික අධ්‍යයනවලින් පෙනී යන්නේ B.1.617 විකෘතිය අනෙකුත් ප්‍රභේදයන්ට වඩා පහසුවෙන් පැතිරෙන බවත් මේ පිලිබදව වැඩිදුර අධ්‍යයනය අවශ්‍ය බවත්ය.

මෙම ප්‍රභේදය දැනටමත් රටවල් 30 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එක්සත් රාජධානියේ, දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලයේ තවත් ප්‍රභේද තුනකට එකම තනතුරක් ලබා දී ඇත.

මේ හේතුවෙන් ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන COVID  – 19 වෛරස ප්‍රභේදයට ඉන්දීය ප්‍රභේදය යන නම භාවිතා නොකරන ලෙස ඉන්දීය රජය ඉල්ලා සිටී.

Related posts

Leave a Comment