කොවිඩ් එන්නත්වලින් මරණයට පත්වීමේ අවස්ථාවට එරෙහිව ඉහළ රැකවරණයක් සලසනවා

දැනට භාවිත වන කොවිඩ් එන්නත් සියල්ල වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වීමේ අවස්ථාවට එරෙහිව ඉහළ රැකවරණයක් සලසන බව ඇමෙරිකාවේ – ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩයාමක් සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඇස්ට්‍රාසෙනකා, ස්පුට්නික්, නොවවැක්ස්, සිනොවැක් සහ සයිනොෆාම් යන එන්නත් සියල්ල මගින් මෙලෙස කොවිඩ් ආසාදිතව මරණයට පත්වීම වැළැක්වීමට පිටිවහලක් ලැබෙන බව විද්‍යාඥ කණ්ඩයාම සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම එන්නත් අතරින් සියලුම කොරෝනා විකෘත ප්‍රභේදවලට එරෙහිව ඉහලම ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නතයි.

Related posts

Leave a Comment