ඔබේ මුහුණේ සිදුරු වැසීමට උපකාරී වන දේවල් 7 ක්.

ඔබ දන්නවා ද අපේ මුහුණේ තිබෙන හැම සිදුරකින්ම රෝම ඇති වීම සිදු වෙනවා. මුහුණේ තිබෙන බොහෝ සිදුරු අපේ ඇසට පෙන්නෙන් නැති උනත් බොහෝ සිදුරු අපගේ මුහුණේ තිබෙනවා. යම් හෙයකින් ඔබට මෙම සිදුරු පෙනෙන්නට තිබීමෙන් අදහස් වෙන්නේ සිරවී ඇති අපද්‍රව්‍ය එය දෘශ්‍යමාන කර ඇති බවයි. අපගේ මුහුණේ සිදුරු වල ප්‍රමාණය තීරණය වන්නේ අපගේ ජාන මතය. අපගේ මුහුණේ තිබෙන සිදුරු කුඩා කිරීමට මේ නිසා ඔබට හැකියාවක් නැත. මේ සිදුරු වල අපද්‍රවයය සිර වූ විට තමා ඔබට කරදරකාරී බැලැක් හෙඩ්ස් දකින්න පුළුවන් වෙන්නේ.

‌ අද අපි ඔබට අරගෙන ආවේ මේ කරදරකාරී සිදුරු අවහිර කර ඔබට දීප්තිමත් සුන්දර මුහුණක් ලබා ගැනීමට උපකාරී වන දිනපතා පුරුදු 7ක් පිළිබදව.

01. රෙටිනෝල් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකිරීම

ඔබට පෙර අප පැවසූ සේම ඔබේ මුහුණේ තිබෙන මෙම සිදුරු කුඩා කිරීමට නම් කිසිදු හැකියාවක් නෑ. එය එසේ වුවත් සමහර නිෂ්පාදන භාවිතා කර ඔබට ඔබේ මුහුණේ තිබෙන මෙම සිදුරු කුඩාවට පෙනීමට සැකසිය හැකිය. ඔබ මේ සදහා කල යුත්තේ රෙටිනොල් භාවිතා කිරීමයි. සමේ සෛල පිරිවැටුම වැඩි කළ හැකි සහ සමේ ඝනත්වය වැඩි කල හැකි විටමින් ඒ අන්තර්ගතයක් ලෙස මේ රෙටිනෝල් හදුන්වන්න පුළුවන්. රෙටිනෝල් භාවිතයෙන් ඔබේ මුහුණේ සිදුරු වල සිර වී ඇති කුණු දුහුවිලි ඉවත් කර ගැනීමට හැකියාවක් ඇත.

02. ඔබගේ දුරකථනය ඔබේ මුහුණට සමීපව තබා ගැනීම

ඔබ දන්නවාද ? ඔබේ ජන්ගම දුරකථනයේ වැසිකිළි ආසනයට වඩා 10%ක් බැක්ටීරියා රැගෙන යාම සිදු කරනවා. බැකිටීරියා ඔබේ ජන්ගම දුරකථනයේ එක් රැස් වන අතර බැක්ටීරියා ඔබේ දුරකථනයට ඇදී එන්නේ කාන්දමක් මෙනි. මීට හේතුව වන්නේ දවස පුරාම අපගේ දුරකථනය භාවිතයට ගැනෙන බැවිනි. ඔබ ඔබේ මුහුණ ආසන්නයෙන් මෙය තබා ගන්නා සෑම විටම ඔබේ මුහුණට මෙම විශබීජ පැමිණෙයි. මේ නිසා ඔබ සැමවිටම මේ පිළිබද සැලකිලිමත් වන්න.

03. සූර්යයාට නිරාවරණය වීම

සූර්යයා නිසා ඔබේ සම විජලනය විය හැකිය. මේ නිසා ඔබේ සමේ තෙල් ගන්ථ්‍රි බොහෝ කාර්‍යයබහුල වීම සිදු වේ. මෙහිදීද සිදු වන්නේ ඔබේ සමේ සිදුරු විශාල වීමයි. ඔබට ටෑන් එකක් භාවිතයට ගැනීමෙන් මෙම සිදුරු කුඩාවට පෙනීමට සකස් කර ගත හැකි වුවත් මෙය ස්ථීර තත්ත්වයක් නොවේ. මෙම තත්ත්වය නිරන්තරයෙන් සිදු වුව හොත් ඔබේ සමේ සිදුරු බොහෝ විශාල විය හැකිය. මේ නිසා ඔබ සිදු කල යුත්තේ හැකි තරම් හිරුගෙන් නිරාවරණය වී සිටීමයි.

04. ටෝනර් මඟ හැරීම

ඔබේ මේ සිදුරු මත දිගු කාලීනව මෙම අපද්‍රවයය රැදුණු විට සිදු වන්නේ ඔබේ මුහුණේ ස්ථීර ලප කැලළ් ඇති වීමයි. මේවා ඇති වූ පසු ඔබට ඉවත් කිරීම නම් පහසු කාර්‍යයක් වන්නේ නෑ. සිදුරු බිත්ති වලට ස්ථීරවම හානී වීම සිදු වෙනවා මෙම සිදුරු වලට දිගු කලක් ප්‍රතිකර්ම නොකිරීමෙන්. සමේ සෛල හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා ටෝනර් ඔබ දිනපතාම භාවිතයට ගත් විට. ඔබ ටෝනර් භාවිතා නොකල විට සිදු වන්නේ ඔබේ මුහුණේ අපද්‍රවයය ඉවත් කිරීමට ඔබ ඉඩ නොදීමයි.

‌05. මේකප් පිරිසිදු කර නොගැනීම.

සමහර විට ඔබ ඔබේ සම ගැන බොහෝ සිතන කෙනෙක් වෙන්න ඇති. මේ නිසා ඔබ ඔබේ සමට දැඩි රැකවරණයක් ලබා දෙනවා විය හැකී. නමුත් ඔබ දිනකට කම්මැලී වී ඔබේ මේකප් නිවැරදිව ඉවත් කර නොගත්තොත් හෝ ඔබ ඔබේ මේකප් උපකරණ පිරිසිදු කර නොගත්ත් හොත් ඔබේ සිදුරු තවත් සිදුරු වීමට හැකියාවක් ඇත. තෙල්, දූවිලි, මළ සම සහ මේකප් එකතු වී ඔබේ සම බොහෝ නරක තත්ත්වයකට පත් වීමට මේ තුළින් හැකි‍යාවක් ඇත. ඔබේ රූපලාවණ්‍ය මෙවලම් නිසි ලෙස පිරිසිදු කිරීමෙන් අතිරික්ත බැක්ටීරියා ඔබේ මුහුණට සම්ප්‍රේෂණය වීම අවම කර ගැනීමට හැකියාව පවතිනවා. මේ නිසා මෙයනම් අමතක කරන්න එපා.

06. තෙල් අඩංගු හිසකෙස් නිෂ්පාදන භාවිතා කිරීම

දැන් ඔබ සිතනවා ඇති හිසකෙස් නිෂ්පාදන කෙසේ භාවිතා කලත් මොකද කියල. නමුත් එය ඇත්තෙන්ම එසේ නොවේ. ඔබ හිසකෙස් වලට භාවිතා කරන ද්‍රවයයත් ඔබේ මුහුණට බලපානවා. හිසකේ සත්කාරක නිෂ්පාදනවල තෙල් අඩංගු වන විට, එය ඔබේ සමට ගමන් කළ හැකි අතර එමඟින් ඔබේ මුහුණේ සිදුරු අවහිර කිරීමට හැකියාවක් තිබෙනවා. හිසකෙස්, නළල, මුහුණේ පැති සහ බෙල්ල වැනි සම සමඟ ස්පර්ශ වන විටයි මෙය සිදු වන්නේ. ඔබේ මුහුණේ කුරුලෑ ඇති වීමටත් මෙය හේතු වෙන්න පුළුවන්. මේ නිසා මේ පිළිබද සැලකිලිමත් වන්න.

07. waterproof makeup භාවිතා කිරීම.

බොහෝ වෝටර් ප්ෘෆ් නිෂ්පාදනව වල තිබෙන්නේ සිලිකොන් වේ. මේවා ආලේප කර විට ඔබේ සමට හුස්ම ගැනීම අපහසු වේ. ඔබේ සමේ තදබදයක් මේ නිසා ඇති වන අතර මෙම තත්තවය ඔබේ මුහුණේ කුරු ලෑ ඇති කරයි. මේ නිසා ඔබේ සමට නිතරම මෙවැනි නිෂ්පාදන භාවිතා කිරීම නොකල යුතුය.

Related posts

Leave a Comment