ඔබේ පෙනුම වැඩි කර ගැනීමට ලෝහමය ඇදුම් එක් කල හැකි ක්‍රම 7 ක්.

ලෝහමය දෑ වලින් විලාසිතා කිරීම අද වන විට නව ට්‍රෙන්ඩ් එකක් බවට පත්ව තිබෙනවා. ඔබේ පෙනුම ක්ෂනිකවම දීප්තිමත් කිරීමට මෙම ලෝහමය දෑ භාවිතා කලාම හැකියාව ලැබෙනවා. උදාසීන වර්ණ සමග සන්යෝජනය කිරීමට ලෝහමය දෑ ඉතාමත් හොදයි. සපත්තු, නියපොතු සහ තොල් පවා පුදුම සහගත ලෙස ලස්සන කර ගැනීමට පුළුවන් මේවාට ලෝහමය සන්යෝජනයක් ලබා දුන් විට. අද අපි ඔබට අරගෙන ආවේ මේ ලෝහමය දෑ යොදාගෙන ඔබේ පෙනුම තවත් වැඩි කර ගත හැකි ආකාර කිහිපයක්. කියවලම බලනනකෝ.

01. සපත්තු

ඔබ දන්නවා ද ලෝහමය දෑ සෑම ඇදුමකටම කදිමට ගැළපෙනවා. අපි ලෝහමය මාල වලලු කරාබු නම් නිතරම භාවිතා කරනවා. ඒත් ඔබ සිතා තිබුනාද ලෝහමය සපත්තු ඔබට ගැළපෙනවා ද කියා. ඔබේ පෙනුමට මනා වටිනාකමක් එක් කිරීමට මීට හැකියාව පවතිනවා. ඔබේ ඇදන් සිටින්නේ කුමන වර්ගයේ ඇදුමක් වූවත් මෙය ඔබට මනා පෙනුමක් ලබා දෙනවා. ඔබව තවත් දීප්තිමත් කරනවා.

උදාසීන වර්ණ සමඟ සංයෝජනය වන විට මේවා විශිෂ්ට ලෙස පෙනේ.
ඔබේ සමේ තානය අනුව ලෝහමය වර්ණයක් තෝරා ගැනීම සිදු කරන්න.ඔබට ස්වභාවිකව සැහැල්ලු සමක් තිබේ නම්, රිදී තෝරා ගන්න. ඔබට අඳුරු සමක් තිබේ නම්, රත්රන් ඔබට පරිපූර්ණ පෙනුමක් ලබා දෙනු ඇත.
ඔබට රාත්‍රී කාලයේදී තිබෙන සාධ වලදී ඔබේ ඇදුම් වලට මෙය මනාව ගැළපිය හැකිය.

02. ස්වර්ණාභරණ

මෙම උපදෙස් ඔබට බොහෝ වැදගත් වේවි ලෝහමය ස්වර්ණාභරණ පැළදීමේදී.

එකවර විශාල මාලයක් සහ කරාබු පැළදීම සිදු කරන්න එපා.

අඳුරු වේශ නිරූපණයක් ඔබ දමා ගෙන සිටිනවා නම් ලෝහ ආභරණ ඔබට කදිමට ගැළපේවි.

දීප්තිමත් ඇඳුම් වලට ලෝහ ආභරණ පැළදීම සිදු කරන්න එපා.

03. ලෝහමය මූලද්‍රව්‍ය සහිත ඇඳුම්

වික්‍රමාන්විත හා අවදානම් සහිත බවක් සැම විටම මෙම ඇදුම් වලින් දිස් වේ. නමුත් මේවා උදාසීන වර්ණ සමඟ සංයෝජනය වූ විට ඒවා ඔබට ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනවා.

04. ලෝහමය උපාංග පැළදීම.

ඔබ ලෝහම‍ය දෑ පැළදීමට අකමැති නම් ඔබට කල හැකි එක් දෙයක් තිබෙනවා ඒ තමා ඔබට පුළුවන් ලෝහමය විවිධ කුඩා උපාන්ග පැලදීමට. මෙය ඔබට නැවුම් පෙනුමක් ලබා දීම සිදු කරනවා. ඔබේ පෙනුම අද්විතීය කිරීමට මීට හැකියාව තිබෙනවා. රන් හෝ රිදී පටි, බෑග්, සපත්තු සහ ස්වර්ණාභරණ උදාසීන වර්ණ සමඟ සංයෝජනය කර බලන්න.

05. වේශ නිරූපණය

ඔබ රන් සහ රිදී ලිප්ස්‍ටික් වලට කැමති නැත්නම් එහෙනම් පර්ලි ලිප්ස්ටික් එකක් රැගෙන එයට ලෝහමය පාටින් දිලිසීමක් ලබා දෙන්න. මෙය ඔබේ පෙනුම පුදුම සහගත කරාවි.

ඔබ සන්ධ්‍යා සාධයකට සහභාගි වනවා නම් ඔබේ ඇස් වලට ලෝහමය අයි ෂැඩෝ භාවිතා කරන්න. ඔබේ පෙනුම තවත් තීව්‍ර කරාවි.

06. Manicure and pedicure

‌ඔබට ඔබේ නියපොතු සුපිරි විලාසිතාවකට අනුකූලව සකස් කර ගැනීමට අවශ්‍ය නම් සෑම විටම ලෝහ නිය ආලේපන භාවිතා කිරීමට අවශ්‍යය නැත. ඔබට එය French manicure ආකාරයට හෝ matte nail polish ලෙසත් භාවිතයට ගැනීමට හැකියාව තිබෙනවා. මෙය ඔබේ සෑම විලාසිතාවකටම හොදට ගැලපේවි.

07. හිසකෙස් වර්ණය

මෙය නම් සිදු කරන්නේ ඇත්තෙන්ම හොද ආත්ම විශ්වාසයක් තිබෙන අය වගේම නිර්භීත අය. ඔබට පුලුවන් ඔබේ හිසකෙස් වලට ලෝහමය වර්ණයක් ලබා දීමට. මෙය බොහෝ දීප්තිමත් වගේම අතිශයින්ම ආකර්ශනීයයි.

Related posts

Leave a Comment