ලප කැලල් නැති දිලිසෙන සමක් ලබා ගැනීමට ක්‍රම 10 ක්.

අප කාගෙත් සිහිනයක් තමා නෙත්සිත් වසග කරවන ඉතා ආකර්ෂණීය සුන්දර පෙනුමක් ලබාගැනීම.  අපගෙ සම තමා සුන්දර පෙනුමකට අත්‍යවශ්‍යයෙන්ම බලපාන මූලිකම දෙය වෙන්නේ. ලප කැලැල් වලින් තොරව දිදුලන පැහැපත් සුසිනිදු සමක් ලබා ගැනීම තමා බොහොමයක් යුවතියන්ගේ ඒකායන අරමුණ වන්නේත්. ඉතින් මෙන්න මේක නිසාම වංචනික ලෙස වෙළදාම් සිදු කරන අය බොහෝ බිහි වි තිබෙනවා. මොවුන් සමට අහිතකර රසායනයන් අඩංගු කෘතිම දේවල් විකිණීම සිදු කරනවා. මේ දේවල් භාවිතා කර බොහෝ අතුරු ආබාධ වලට මුහුණ දුන් අය අපි බොහෝ දැක තිබෙනවා.

‌නමුත් ඔබට හැකියාව තිබෙනවා මේ කෘතිම දේවල් භාවිතා නොකර ස්ථීර පැහැපත් කමක් ලබා ගැනීමට ස්වභාවික දෑ ම භාවිතා කරලා. මේවා නිසා ඔබට කිසිම අතුරු ආබාධයක් ඇති වෙන් නෑ වගේම ඔබව සුන්දර කරනවා. අද අපි ඔබට අරගෙන ආවේ ලප කැලල් වලින් තොර දිලිසෙන ලස්සන සමක ලබා ගත හැකි ක්‍රම කිහිපයක් පිළිබදව. මෙය ඔබටත් බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

01.අපෙ සම ගැන ටිකක් දැනගමු

අපෙ ශරීරයේ විශාලතම ඉන්ද්‍රියය තමා සම කියල කියන්නේ. අපෙ ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට මනා ආරක්ෂාවක් ලබා දීම සිදු කරන්නේ මේ සම මගින්. ඒ විතරක් නෙමේ මේ සම තමා  පීඩනයන් හදුනා ගනිමින්, ජල පරිවාරකයක් ලෙස ක්‍රියා කරමින් ශරීර අභ්‍යන්තරයට ජල කාන්දුවීම් වැළැක්වීම් සිදු කරන්නේ.

 පංච කල්‍යාණයන්ගෙන් යුවතියන්ගේ සුන්දරත්වය මනින්නේ. ඉතින් මේ  පංච කල්‍යාණයන්ගෙන් ප්‍රධානතම ස්ථානය හිමි වෙලා තියෙන්නේත් මේ සමටම තමා. රටකින් රටකට කලාපයකින් කලාපයකට සමේ පැහැය විවිධයි. මෙලනින් නම් වර්ණකය තමා අපේ මේ සමේ පැහැයට වග කියන්න ඕන. සමේ පැහැය ලා පැහැයක් ගන්නේ ඔබේ ශරීරයේ මෙලනින් අවම නම් තමා. ඒ වගේම ඔබේ ශරීරයේ මෙලනින් ප්‍රමාණය වැඩි නම් ඔබ දුඹුරු පැහැයක් ගන්නවා. අව් රශ්මියෙන් සම ආරක්ෂා කිරීමට මේ මෙලනින් වලට හැකියාවක් තිබෙනවා. අව් රශ්මිය තද රටවල අයගෙ මෙලනින් ටිකක් වැඩියෙන් තමා පිහිටලා තිබෙන්නේ.

02. සුදු සමක් වෙනුවෙන් බොහෝ යුවතියන්

සුදු වීම සදහා දැන් වෙළදපොලේ බොහෝ නිෂ්පාදන දකින්න තියෙනවා. ඒත් මේ බොහෝ නිෂ්පාදන දේශීය විදේශීය අනුමැතිය නොලත් සමාගම් වල ආලේපන. බ්ලීචින් වැනි අහිතකර රසායනයන් මෙහි අන්තර්ගත වෙනවා.

මේ විතරක් නෙමේ අද වන විට බොහෝ කාන්තාවන් පෙළඹී තිබෙනවා සුදු වීමට විවිධ එන්නත් ක්‍රම , ලේසර් ප්‍රතිකර්ම , විශේෂයෙන්ම පෙති වර්ග වැනි දෑ ලබා ගැනීමට පවා. විවිධ ශල්‍ය කර්මයන් සිදු කර ගන්න පුදගලයින් පවා ඉන්නවා තොල් විශාල කරගැනීමට ,පපු පෙදෙස ,පසු පෙදෙස විශාල කරගැනීම වැනි දෑ සදහා. ඇත්තෙන්ම මේ දේවල් නිසි ප්‍රමිතියෙන් සිදු වෙනවා ද කියන එක නම් ගැටලුවක්.

03. ලැබෙන භයානක ප්‍රතිඵල

සමට ලැබිය යුතු නිසි ආරක්ෂාව නොලැබී යෑම සිදු වෙනවා මෙවැනි මෙලනින් වර්ධනය අඩාල කරවන සත්කාර කිරීම මගින්. සමෙහි ගැටලු ඇතිවීම නිරන්තරයෙන් ම සිදු වෙනවා සම අපද්‍රව්‍ය වලට නිරාවරණය වීම , අහිතකර සූර්‍ය කිර්ණයන්ට ආවරණය වීම වැනි දෑ නිසා.

ඒ වගේම මේ දේවල් නිසා සමේ පිලිකා ඇති වීම සිදු වෙනවා. මේවායේ බ්ලීචින් , රසදිය වැනි අහිතකර රසායනයන් අඩංගු වීම තමා ඊට හේතුව. වකුගඩු රෝග , ස්නායු ආබාධ , මානසික ආතතිය වැනි තත්ත්වයන්ද කාලයත් සමගම ඇති වෙන්න පුළුවන් මේ ප්‍රමිතයක් නැති දෑ ඔබ භාවිතා කලොත්. විශේෂ‍යෙන්ම ඔබ ගර්භණී මවක් නම් ඔබ මේ පිළිබද බොහෝ සැලකිලිමත් විය යුතුයි. මීට හේතුව ගර්භණී මවක් නම් දරුවාටද බලපෑම් ඇති වීමට පුළුවන් මෙවැනි දේවල් නිසා.

04. මේ ආකාරයෙන් හුදෙක් සුදු වීමට වඩා පැහැපත් සමක් ඉතාමත් ආකර්ෂණීයයි.

සුදු පැහැති සමක් නොවේ පැහැපත් සමක් කියල කියන්නේ. ඉතා පැහැදිලි දිදුලන රත්‍රන් පැහැයට හුරු  සමකට තමා පැහැපත් සමක් කියල කියන්නේ. ස්වාභාවික සත්කාර මගින් පැහැපත්  කර ගැනීමට පුළුවන් ඔබේ සමත්, විශේෂයෙන් ලන්කාව වගේ රටවල පුද්ගලයින්ට මීට හේතුව අපේ රටේ බොහෝ දෙනාට තලෙළු සමක් හිමි වී තිබීම.

පැහැපත් සමක් ලබාගැනීමට ඔබට සිදු කර හැකි දේවල්

 පිරිසිදු ජලය ලීටර් 8ක් පමණ දිනකට පානය කිරීම සිදු කරන්න.

පලතුරු එළවළු  සැම විටම ආහාරයට ගන්න. කෘතිම බීම , අධික තෙල් ,පිටි, සීනී ,ලුණු ආහාරයට ගන්න එපා.

තද පැහැති එළවළු ආහාරයට ගැනීම වඩාත් උචිතයි.

 විටමින් C ලබා ගැනීම සදහා කහ පැහැති පළතුරු ආහාරයට ගන්න.

ඇට වර්ග , මුහුදු මාළු , බිත්තර වැනි දෑ වල විටමින් බී අන්තර්ගත වේ. මේ නිසා ඒවා ආහාරයට ගන්න.

vitamin C , proline , glycine , copper වැනි දෑ සමේ කොලැජන් ප්‍රතිශතය ඉහල නංවන නිසා මේවා අන්තර්ගත් ආහාර සැ,ම විටම ආහාරයට ගන්න.

පැය 6කවත් නින්දක් අවම වශයෙන් ලබා ගන්න.

ව්‍යායාම් / යෝගා අභ්‍යාස දිනකට විනාඩි 30ක් වත් සිදු කරන්න.

ඔබේ සම පිරිසිදුව තබා ගන්න.

sun block ආලේපනයක් ගැල්වීම තුළින් සම නිරාවරණය වීම වළක්වා ගන්න.

මේ දේවල් නිවැරදිව පිළිපදින්න. ඔබටත් ස්වභාවික විදිහටම සුන්දර වෙන්න හැකියාව ලැබේවි.

Related posts

Leave a Comment