අද දඹුල්ල ආර්ථිකය විවෘතයි

රට පුරා සංචරණ සීමා පනවා තිබුණ ද රට පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් විවෘතව පවතින අතර අද අලුයම සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද විවෘත කර තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පවසන්නේ අද පෙරවරුවේ එළවළු කිලෝ මිලියන 7කට වැඩි ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවයි. එළවලු තොග විශාල ප්‍රමාණයක් ලැබී තිබුණද එළවලු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයද අද සහ හෙට දිනවලදී විවෘතව තැබෙන අතර අද දිනයේදී තොග වෙළඳාම පමණක් සිදු කෙරේ.

Related posts

Leave a Comment