“Sri Lanka Unites”ට හසු වෙන්න එපා

ව්‍යාජ වෛද්‍ය උපකරණ ලයිස්තුවක් ඉදිරිපත් කරමින් “Sri Lanka Unites” නමින් පුද්ගල කණ්ඩායමක් විසින් කොවිඩ් රෝගය වැලඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒකකවලට ඇතුළුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ දීමට එක්වන්නැයි තමන් සිදු කළ ඉල්ලීම භාවිත කරමින් තම නම භාවිත කර ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත සාවද්‍ය වන බවත් ඒ සඳහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ නොදෙන ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටී.

කොවිඩ් රෝගය වැලදුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒකක ඇතුළුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ දීමට එක්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා දානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විවිධ ආයතන හා පුද්ගලයන් විසින් සිය දායකත්වය ලබාදීම පිළිබඳ අමාත්‍යවරිය ඔවුන්වෙත සිය කෘතවේදීත්වය පුදකර සිටියි. එහෙත් ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් මේ වසංගත අවස්ථාවේ අමාත්‍යවරියගේ නම භාවිත කර ව්‍යාජ පුවත් මවමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සඳහන් කළ ව්‍යාජ ලැයිස්තු ඉදිරිපත්කර ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇති බව පවසන රාජ්‍ය අමාත්‍යවරිය Sri Lanka Unites නමින් පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලයිස්තුවක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නම භාවිත කර ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර දෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත සාවද්‍ය වන බවත් ඒ සඳහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ ලබානොදෙන ලෙස අමාත්‍යවරිය ඉල්ලා සිටී.

එවැනි ඉල්ලීමක් අමාත්‍යවරිය විසින් ඔවුන්ගෙන් සිදුකර නොමැත. මේ පිළිබඳ විමසා බැලීමට ඔවුන් ප්‍රසිද්ධ කර ඇති දුරකතන ඔස්සේ කිහිප විටක් උත්සාහ ගනු ලැබුව ද සම්බන්ධ කර ගැනීමට නොහැකිවිය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල නාම ප්‍රවර්ධනය හෝ ආයතන ප්‍රවර්ධනය නොව අවශ්‍යතාවට සරිලන වෛද්‍ය උපකරණ ලබාදීම පමණක් වන බැවින් අදාළ රෝහල් විමසා අවශ්‍යතාවට පමණක් සරිලන උපකරණ පරිත්‍යාග කිරීම ප්‍රමාණවත් වන අතර ඒ සඳහා තමාගේ නාමය යොදාගැනීම අවශ්‍ය නොවන බවත් තමන් සිදුකරනු ලැබුවේ දෙස් විදෙස් දානපතියන්ගේ අවදානය ඒ්වෙත යොමු කිරීම පමණක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටී.

Related posts

Leave a Comment