ශ්‍රී ලංකාව කියන්නේ හමුදාවක කුඩා රෙජිමේන්තුවක් නොවන බව හැමෝම දැනගත යුතුයැයි

ශ්‍රී ලංකාව කියන්නේ හමුදාවක කුඩා රෙජිමේන්තුවක් නොවන බව සියලු දෙනා දැනගත යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා කොළඹ හයිඩ් පිටියේ පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයන්ට හා පක්ෂවලට කෙටීමට ගියහොත් හොට පැටලීම ඒකාන්තයෙන් සිදුවන බවත් මෙවර තමාගේ පක්ෂය සමඟ ජනාධිපතිවරයා කරන සටනින් තම පක්ෂය ඒකාන්තයෙන් ජය ගන්නා බවත් හෙතෙම කීය.

නිවට නියාලු වී දනින් වැටී ළඟට ගොස් සමාව ඉල්ලා නඩුව අස්කර ගැනීම හෝ යුක්තිය වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන්, මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, නීතිය වෙනුවෙන් අයුක්තියට එරෙහිව සටන් වැදීම යන මාවත් දෙකෙන් එකක් තම පක්ෂයට තෝරා ගැනීමට සිදුව ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින බලවේගයක් ලෙස ඊට අත තැබීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් අවසානය වෙනුවෙන් සටන් වදින බවත් අවධාරණය කළේය.

Related posts

Leave a Comment