කොරෝනාවට ආයුර්වේද බෙහෙත් අලි කෙප්පයක්.. ආයුර්වේද වෛද්‍යවරුන් එන්නත ඉල්ලා ලිපි ලියති…

රට පුරා සිටින ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා කොරෝනා එන්නත ලබා ගැනීමට සෞඛ්‍ය සේවා ජනරාල් අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආයුර්වේද වෛද්‍ය ඉන්දික නුවන් මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් බලධාරීන් ආයුර්වේද වෛද්‍යවරුන්ට එන්නත ලබාදීම හිතාමතා ප්‍රමාද කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එන්නත ලබා ගැනීමට වුවමනා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාල ආයුර්වේද රෝහල් සිදුවීම් කළ යුතු බවද පවසන ඔහු එසේ කිරීමෙන් අනතුරුව නාවින්න රෝහලේ කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දිම පසුගිය දිනවල සිදු කර ඇති බවත් ඔහු පැවසීය.

ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සියලු දෙනාටම හා ඔවුන්ගේ පවුල්වල අයට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කටයුතු කළ යුතු බවද එම සංගමය අවධාරණය කර සිටී.

ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා වෛරසය ආයුර්වේදයෙන් සුව කල හැකි යයි ප‍්‍රසිද්ධියේම පවසමින් සිටියදී මෙසේ එන්නත් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

ආර්වේදයේ මවු රට වන ඉන්දියාවද මේ වන විට දැඩිව කොරෝනා වෛරසයෙන් බැට කමින් සිටින අතර ඔවුන්ද ප‍්‍රමුඛ ලෙස සිදු කරන්නේ එන්නත් කරණයයි.

Related posts

Leave a Comment