ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට ඩකා නුවර මීර්පූර්හී ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය ලකුණු 33 ක ජයක් වාර්තා කිරීම හේතුවෙන් අද තරගයෙන් ඔවුන් ජය ගතහොත් ඓතිහාසික තරගාවලි ජයක් අත්කර ගැනීමේ අවස්ථාව බංග්ලාදේශයට හිමි වනවා. කෙසේ වෙතත්, අද තරගය ස​ඳහා වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටයි අනාවැකි පලව ඇත.

Related posts

Leave a Comment