සංචරණ සීමා ලිහිල් වෙයි

අද (25) අලුයම 4.00 ට දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා ලිහිල් කෙරුණා. ඒ අනුව, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ඇතුළු භාණ්ඩ මිලට ගැනීමට ජනතාවට අද අවස්ථාව හිමිවන අතර, රාත්‍රී 11.00 ට යළි සංචරණ සීමා බලාත්මක කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සංචරණ සීමා තාවකාලිකව ඉවත් කළද, වෙළඳසැල් වෙත ගමන් කළ හැක්කේ පාගමනින් පමණක් බවයි. එසේම, භාණ්ඩ මිලදී ගැනීම සඳහා වාහන මඟින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති වුවත් ATM යන්ත්‍ර පාගමනින් ගමන්කළ නොහැකි දුරක ඇති විට ඒ සඳහා වාහන මඟින් යෑම ගැටළුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

Leave a Comment