ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් -19 තුන්වන රැල්ල ආරම්භ වූ බවට පැවසෙන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව වයඹ පළාතෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 10,702 කි.

ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 2,971 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 605 කි.

ගම්පහ 395ක් සහ කළුතර 472ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

මීට අමතරව රත්නපුර 223ක්, කුරුණෑගල 171ක්, ගාල්ල 168ක්, මාතර 96ක්, නුවරඑළිය 92ක්, මාතලේ 88ක්, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 85 දෙනා බැගින් වාර්තා වී ඇත.

යාපනය 82ක්, හම්බන්තොට 60ක්, කෑගල්ල 56ක්, ත්‍රිකුණාමලය 55ක් ලෙසද ආසාදිතයින් වාර්තා වී ඇත.

පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, මොනරාගල, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රිසක්ක ඇතුළත්ව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳහන්ය.

Related posts

Leave a Comment