උදේ අවදි වූ පසු ඔලිව් ඔයිල් හැන්දක් ලබා ගැනීමෙන් ඇති වාසි 7ක්.

බොහෝ දෙනෙක් ඔලිව් ඔයිල් භාවිතා කරන්නේ ආහාර පිසීමට සහ ගිල්වා තැබීමේ තෙල් වර්ගයක් ලෙස පමණයි. නමුත් එය පානය කිරීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි. හදවතට ඇති කරනු ලබන ධනාත්මක ප්‍රතිඵල සඳහා මෙය ප්‍රසිද්ධ වන අතර කෙනෙකුගේ ශරීරයට ඉන් ඇති කරන බලපෑම ඇත්තෙන්ම පුදුම සහගතයි.

උදෑසන අවදි වූ වහාම හිස්බඩ තෙල් හැන්දක් බීම ඒ තරම් ප්‍රිය නොවන බව අපි හැමෝම දන්නවා. නමුත් එමඟින් ශරීරයට විස්මයජනක බලපෑම් ඇති කරන නිසා උත්සාහ කිරීම වටිනවා.

01. සම පරිණාමනය කරනවා 

බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදනවල අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යක් වන ඔලිව් ඔයිල්, ආහාර රටාවට එකතු කර ගැනීමෙන් සමට ද ප්‍රයෝජනවත් වෙනවා. එමඟින් සම රත් පැහැ ගැන්වීම්, ඉදිමුම් අවම කර සම රැළි වැටෙන්නේ නැතිව දිගු කාලයක් පවත්වා ගැනීමටත් උදව් වෙනවා. ඔලිව් ඔයිල් සතුව ප්‍රභල ප්‍රතිබැක්ටීරීය ගුණාංග පවතින අතර ස්වභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා.

02. ශරීරයේ බර අඩු කරගැනීමට උදව් වෙනවා.

බොහොමයක් අධ්‍යන මඟින් පෙන්නුම් කරන ආකාරයට ඔලිව් ඔයිල් බහුලව අඩංගු වන මෙම මධ්‍යධරණි ආහාර වේල මඟින් ශරීරයට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා.මිනිසුන් 180කට වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් අවුරුදු 3ක් පුරාවට සිදු කල මෙම සමීක්ෂණයෙන් සනාථ වූයේ ඔලිව් ඔයිල් ආහාරයට ගැනීමෙන් සිරුරේ බර අඩු වන බවයි. 

03. මොළයට වඩා හොඳයි.

නිතිපතා ඔලිව් ඔයිල් ආහාරයට ගැනීමෙන් මොළයේ සෛල තුල වර්ධනය වන plaques ඉවත් කිරීමට උදව් වෙනවා. මෙම plaques ලොව පුරා සුලභව දක්නට ලැබෙන ඇල්සයිමර් රෝගය ඇති කරවනවා. මේද අවම ආහාර රටාවක් අනුගමනය කරන යට වඩා නිතරම ඔලිව් ඔයිල් ආහාරයට ගන්නා අයගේ මතක ශක්තිය ඉහලයි.

04. අස්ථි සෞඛ්‍යයට සහයෝගය ලබා දෙනවා.

රූමැටොයිඩ් ආතරයිටිස් තත්වයෙන් පීඩා විඳින අයට ප්‍රයෝජනවත් වන අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ඔලිව් ඔයිල්වල අන්තර්ගත වනවා. මෙය වඩාත් හොඳින් වැඩ කරන්නේ ඔමේගා -3 මේද අම්ලවලින් පොහොසත් මාළු තෙල් සමඟයි. ආතරයිටිස් හේතුවෙන් හටගන්නා අත් මිට මෙලවීමේ ශක්තිය, සන්ධි වේදනාව සහ උදෙන්ම ඇතිවන තද බව අතිපිරිසිදු ඔලිව් ඔයිල්වල අඩංගු සංයෝග මගින් වර්ධනය කරනවා.

05. ඉදිමුම සහිත දැවිල්ල අවම කරවයි

සිරුරේ ඇතිවන ඉදිමුම සහිත දැවිල්ල අවම කරගැනීමට ආහාර වේලට ඔමේගා -3 මේද අම්ල අඩංගු ඔලිව් ඔයිල් සහ අනෙකුත් ආහාර එකතු කරගන්න. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිමුම සහිත දැවිල්ල හේතුවෙන් හටගන්නා නොයෙකුත් චර්ම රෝග වලක්වා ගැනීමට සහ සුව කරගැනීමට හැකි වෙනවා.

06. ආමශ සෞඛ්‍යට වඩා හොඳයි.

ආමාශයේ වාසය කරන සමහර බැක්ටීරියා විශේෂ හේතුවෙන් ආමාශයේ වණ ඇති වෙන්න පුළුවන්. ප්‍රතිදේහ වලට පවා ප්‍රතිරෝධයක් දක්වන හානිකර බැක්ටීරියා වලට විරුද්ධව සටන් කිරීමට ඔලිව් ඔයිල් වලට හැකියාව පවතිනවා. අතිපිරිසිදු ඔලිව් ඔයිල් ග්‍රෑම් 30ක් දිනකට පරිභෝජනය කිරීමෙන් දවස් 14ක් වගේ ඉතාම කෙටි කාලයකින් අහිතකර බැක්ටීරියා විනාශ කර දැමීමේ හැකියාව පවතිනවා.

07. රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා.

අතිපිරිසිදු ඔලිව් ඔයිල් කියන්නේ රුධිරයේ සීනි මට්ටම අවම කරගත හැකි රහස් ක්‍රමයක්. මෙමඟින් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් ශරීරය ආරක්ෂා කරන අතර එහි අවදානම 40%කට වඩා අවම කරනවා.

දැනටමත් ඔලිව් ඔයිල් ඔයාගේ ආහාර රටාවේ කොටසක් වෙලා ඉවරයිද? එමඟින් ශරීරයට ඇතිකරන බලපෑම පිළිබඳව සැලකිලිමත් වෙනවාද?

Related posts

Leave a Comment