බෞද්ධ ජනතාවගෙන් මහනාහිමිවරු කළ ඉල්ලීම

හෙටට (26) යෙදී තිබෙන වෙසක් පොහොය දිනය තුළ හැකිතාක් නිවසට වී ධර්මානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පියවරගන්නා ලෙස මහනාහිමිවරුන් මෙරට බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසරේ මෙන්ම මෙම වසරේදීත් වෙසක් දින සැමරුම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මහනාහිමිවරුන් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි සඳහන් කළේ, “මෙවරත් භක්තිය හදවත් තුළ උපදවා ගෙන ප්‍රතිපත්ති පූජාවෙන් ජීවිත ආලෝකමත් කර ගැනීමට අප කවුරුත් උත්සාහ කරමු,” යනුවෙනි.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ, “කොවිඩ් වසංගත නිසා ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා නියම ආකාරයෙන් කරන්න අපිට බැරි වෙනවා. නමුත් අපිට හැකියාව තියෙනවා නිවසට වී සීලය සමාදන් වෙලා ඒ වටිනා කාලය නිවෙස්වලටම වී ගත කරන්න,” යනුවෙනි.

Related posts

Leave a Comment