BnS කියන්නේ වෙළෙන්දෝ – දැන් බබාලා වෙන්න හදනවා – රෝහණ වීරසිංහයන් කියයි (VIDEO)

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීතයක් නව පරපුරේ දක්ෂයන් දෙපළක් වන භාතිය සන්තුෂ් විසින් නැවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් කතෘ අයිතීන් ට හානි වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබුණා .එහි දී රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසා තිබුණේ භාතිය සන්තුෂ් ඇඩ්‍රස් නැහැ චිත්‍රපට ගීතය මංකොල්ල කා ඇති බවයි .මේ සම්බන්ධයෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන් සමාජ මාධ්‍ය නාලිකාවකට සිය අදහස් දක්වා තිබුණා. ඒ මෙන්න මේ විදිහට

පසුගිය දිනක ඔබ සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔස්කා සංවිධානයෙන් ඉවත් වීමත් එක්ක අදාළ ලිපියේ පිටපතක් සමාජ මාධ්‍යයට එකතු වීමත් එක්ක නැවත වතාවක් කිසියම් කතාබහක් සමාජය තුළ නිර්මාණය වුණා ඔබ ඔස්කා සංවිධානය තුළ නැද්ද?

මම අයින් වෙන්නෙ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්.. සාමාජිකත්වය එහෙමම තියනවා.

මොකක්ද ඉවත් වෙන්න හේතුව?

එකක් තමයි ඔස්කා සංවිධානය අධ්‍යක්ෂක මණ්ඩලය කලාකරුවන් නොවෙයි හිටියෙ ඒකත් එක හේතුවක් .පසුකාලීනව මාවත් සුනිල් ආරියරත්නයන් වත් සංගීතය සහ පද රචනා අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයට දැම්මා.

මේ තරුණ කොටස් එකතු වෙන්න කලින්.එතකොට අපි දෙන්න අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් .අපි දෙන්න තමයි මේ තරුණ බලවේග එකතු කිරීම සඳහා අපේ සම්පූර්ණ ආශිර්වාදය දීලා අපි එකතුවෙලා කටයුතු කරේ .පස්සේ මේ තරුණ පිරිස ගෙනුත් මෙතනට නියෝජනයක් තියෙන්න ඕන කියලා තීරණය කරා.ඊට පස්සේ භාතිය ජයකොඩි මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයට අපිත් එක්ක වාඩි වුණා.

මම සංගීත අධ්‍යක්ෂණය කරපු මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනය කරපු ඇඩ්‍රස් නෑ කියන ගීතය පාවිච්චි කරලා තියෙනවා සිරස වොයිස් එකේ සින්ග් කරන ළමයෙක් ලව්වා විනාඩි තුනක ක්‍රීම් සෝඩා ඇඩ් එකකට. මේක බලනකොට නිෂ්පාදනය කරලා තියෙන්නේ භාතිය සන්තුෂ් එයාලගේ නිෂ්පාදන සමාගමෙන් .ඒකෙ තියෙනවා විධායක නිෂ්පාදක සංන්තුෂ් වීරමන්, සංගීතය මගේ සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනය කියලා විස්තරත් එක්ක ඔක්කොම .මේ ගැන භාතියගෙන් ඇහුවම භාතිය දන්නේ නෑ කියලා සංතුෂ් කිව්වා අංකල්ලාගේ කියලා දන්නෑ කියලා.. ඔන්න ඉතින් බබාලා වෙන්න හදනවා. නමත් දාලා තියෙනවා හැබැයි දන්නැහැ කියන්න බෑ . මගේ සුදු මුතු රළපෙළ ප්‍රසංගයටත් මම ආරාධනා කරල ඔය දෙන්නව කියන්න ගත්තා එතකොටත් ඇඩ්‍රස් නෑ කියන ගීතය එතන වාදනය වුණා. එතකොට මේගොල්ලෝ දන්නෑ කියන්න බෑනෙ. මේගොල්ලෝ ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව දිනා ගන්න ලිපියක් ලියලා තිබුනා

සර්ලා දෙන්නට බොහොම ගරු කරනවා කියන ලියලා තියනවා. හැබැයි එතකොට මේ වැඩේ කරනකොට මේ ගරු කිරීම කොහෙද තිබුනේ.ඉතිං අපිත් එක්ක අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වාඩි වුන කෙනා එයාට මෙහා පැත්තෙන් ඒ දෙන්නගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා. අපි ඔස්කා සංවිධානයට අපේ පැමිණිලි ඉදිරිපත් කරා.මේගොල්ලන්ගේ ඔලු ෆෝකස් කරලා තියෙන්නේ සල්ලි වලට විතරයි එතකොට අනිත් දේවල් පේන්නේ නෑ. අපිට මේ කරුණට දඬුවමක් දෙන්න ඕන කියලා අපි යෝජනා කලා.නැත්නම් මේක ඉතිහාසයේ ලියවෙනවා අපිත් මේක දැකලා අහක බලා ගත්තා කියලා.

භාතිය සන්තූෂ් ලා තරුණ පරපුරත් අරගෙන ඉදිරියට යද්දී බොහෝ දෙනෙක් අපිට කිව්වේ පරිස්සමෙන් මේ ගොල්ල ඇවිල්ලා වෙළෙන්ඳෝ කියලා.මොන අරමුණකින් මෙතන වෙලා දඟලනවාද දන්නෑ කියලා. එතකොට අපි මේ දෙන්නා පැත්තෙ හිටගෙන නෑ මේගොල්ලෝ එහෙම නෑ කියලා අපි සුදුහුණු ගෑවා. වේදනාව දැනෙන්නෙ අන්න එතන තමයි.ඔස්කා සංවිධානයෙන් අපට කිසිම සහනයක් ලැබුණේ නෑ. අපි කිව්වා මිලියනයක් වත් දීලා ඉල්ලලා මේ වරදට දඬුවමක් දෙන්න ඕන කියලා. මේයලා හොඳට සල්ලි හම්බ ගන්න කට්ටිය නේ. දැනුත් බොරුවට භක්තිය ගැන කියනවා අනුකම්පාව දිනා ගන්න.ඔය භක්තිය තිබුණෙ නෑ අර වැඩේ පටන් ගන්න කොට.අපි යෝජනා කළේ මහා සභා රැස්වීමකදී අපි අතින් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න කියලා ඒකට වන්දියක් ගෙවිය යුතුයි කියන එක.ඔස්කා එක ඒකෙන් එයාලට ඒ පණිවිඩයේ දීලා තිබුණා. ඒගොල්ලො එක හෙට්ටු කරන්න පටන් ගත්ත.ලක්ෂ හතරක් දෙන්නම් හැටදාහ හැටදාහ කර්තෘභාග ගෙවන්නම් කියලා.

සිරි සගබොදි කරපු දවස් වල ඉදලම ආචාර වික්ටර් රත්නායකයන් මේ දෙන්නම හැඳින්නුවේ.. මට ඒ නම කියන්න බැහැ බොහොම ප්‍රතික්ෂේප කරපු කෙනෙක් විදියට.අපි එදා හිට ගත්තෙත් භාතියල පැත්තේ .නවකයන්ට ගරහන එක වැරදීනේ අපි බොහොම සාධාරණ විදිහට ඒ පැත්ත ගැන හිතුවා . බලනකොට මට හිතෙනවා වික්ටර් රත්නායකයන්ගෙ කටේ රත්තරන් දාන්න වටිනවා කියලා .

https://fb.watch/3Xpf9f3AZq/

Related posts

Leave a Comment